Home » වැලිකන්ද විදුහ‍ෙල් සියල්ල ලකුණු 1කට දැවෙයි
13න් පහළ ක්‍රිකට්

වැලිකන්ද විදුහ‍ෙල් සියල්ල ලකුණු 1කට දැවෙයි

by sachintha
December 5, 2023 1:00 am 0 comment

 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී වැලිකන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දෙවැනි ඉනිම එක් ලකුණකට සීමා කිරීමට සෙවණපිටිය මහා විද්‍යාලය සමත්විය.

වැලිකන්ද මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 9කට කඩුලු 12ක් දවා ගැනීමට සෙවණපිටිය මහා විද්‍යාලයේ දකුණත් මඳ වේග පන්දු යවන ක්‍රීඩක සත්සර විජේසිංහ සමත්විය.

ගෝනගල මහා විද්‍යාලයේ හිරුන් මතීෂ පන්දු 100කදී හතරේ පහර 27ක් සහ හයේ පහර 27ක් සමඟින් නොදැවී ලකුණු 300ක් සහ දම්සිළු රණසිංහ නොදැවී ලකුණු 100ක් ලබා සිවුවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 433ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

තවත් තරගයකදී වතුගෙදර සිරි අභයතිස්ස මහා විද්‍යාලයට එරෙහිව කළහේ ශ්‍රී සුමංගලෝදය ද්විතියීක පාසලේ ආරම්භක පිතිකරු දුමිඳු චෙනාත් පන්දු 92කදී හතරේ පහර 24ක් සහ හයේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 200ක් රැස් කළේය.

සෙවණපිටිය විදුහලට ඉනිමක සහ ලකුණු 89ක ජයක්

වැලිකන්ද මමවි: පළමු ඉනිම – 13 (ඕවර් 11.2) සත්සර විජේසිංහ 8/6, සමරරත්න බණ්ඩාර 5/3

සෙවණපිටිය ම.වි.: පළමු ඉනිම – 103/ 8 (ඕවර් 32) අශේල් එතාන් 25, දෙනෙත් විදුසර 17/2, මිහිඳු හසකැළුම් 18/2

වැලිකන්ද මමවි: දෙවැනි ඉනිම – 1 (ඕවර් 10.2) සත්සර විජේසිංහ 1/6

ගෝනගල මහා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 361ක ජයක්

නෙළුව මධ්‍ය මහා විද්‍යාලය: පළමු ඉනිම – 21 (ඕවර් 11) හිරුන් මතීෂ 5/5, දිනුජය වික්‍රමසිංහ 0/3

ගෝනගල ම.වි: පළමු ඉනිම – 450/2 (ඕවර් 30) හිරුන් මතීෂ නොදැවී 300, දම්සිළු රණසිංහ නොදැවී 100

නෙළුව මධ්‍ය මහා විද්‍යාලය: දෙවැනි ඉනිම – 68 (ඕවර් 25.5) ඔමිරු මෙත්සර නොදැවී 33, දිනුජය වික්‍රමසිංහ 2/4, දුල්නිත් දිමිත 2/3

සුමංගලෝදය පාසලට ඉනිමක සහ ලකුණු 242ක ජයක්

වතුගෙදර සිරි අභයතිස්ස ම.වි.: පළමු ඉනිම – 28 (ඕවර් 22.4) දුමිඳු චෙනාත් 1/4, බුද්ධිම ලක්ෂාන් 2/2, මෙනුල් සන්දිය 11/2

කළහේ ශ්‍රී සුමංගලෝදය ද්විතියීක පාසල: පළමු ඉනිම – 291/3 (ඕවර් 27) දුමිඳු චෙනාත් නොදැවී 200, බුද්ධිම ලක්ෂාන් 23, මෙනුල් සන්දිය 20

වතුගෙදර සිරි අභයතිස්ස ම.වි.: දෙවැනි ඉනිම – 21 (ඕවර් 15.1) බුද්ධිම ලක්ෂාන් 1/5, දුමිඳු චෙනාත් 6/2

මහින්ද විද්‍යාල බී පිලට ඉනිමක සහ ලකුණු 108ක ජයක්

නවඳගල ම.වි: පළමු ඉනිම – 47 (ඕවර් 19) එමාල් පමුදු 23, භාක්ෂර ජයරත්න 5/6, මනුජ ලොකුගේ 18/3

මහින්ද විද්‍යාලය (බී): පළමු ඉනිම – 172/3 (ඕවර් 21) ලකිර සෙනාෂ් 58, නිම්නද දැහැන් නොදැවී 56

නවඳගල ම.වි: දෙවැනි ඉනිම – 17 (ඕවර් 18.3) භාක්ෂර ජයරත්න 5/3, මනුජ ලොකුගේ 1/02, සිතුන් සන්තුල 0/2

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT