Saturday, May 3, 2025
Home » ගල්කිස්ස වෙරළ තීරයට විශාල කස්බෑ සිරුරක් ගොඩ ගසයි

ගල්කිස්ස වෙරළ තීරයට විශාල කස්බෑ සිරුරක් ගොඩ ගසයි

by yasara
December 6, 2023 9:27 am 0 comment

ගල්කිස්ස වෙළ තීරයට අද (06 ) දින උදෑසන ගැඹුරු මුහුදේදී මියගිය බවට සැකකරන විශාල ප්‍රමාණයක කැස්බෑවකුගේ සිරුරක් ගොඩ ගසා ඇතැයි පොලිස් පරිසර ඒකකය කියා සිටියි.

මේ බව ධීවරයින් විසින් දැනුවත් කිරීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිලධාරීන් , ගල්කිස්ස පෝලිස් ජීවිතාරක්‍ෂක අංශයේ නිලධාරීන් , සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිලධාරීන් හා දෙහිවල පොලීසිය නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කර අත්තිඩිය වනජීවි රැදවුම් මධ්‍යස්ථානයෙන් නිලධාරීන් දැනුවත් කර ඇත.

මේ සමගම මුහුදුබත්වූ පර්ල් එක්ස්ප්‍රස් නැවෙන් ගිලී ඇති සුදුපාට ප්ලාස්ටික් බෝල විශේෂයද වෙරළ තැන තැන ගොඩ ගසා ඇති බවත් ඒ නිසා මෙලෙස නිතර කැස්බෑවුන් මිය යන්නට ඇතැයිද ධීවර ජනතාව කියා සිටියි.

මීට අමතරව ගල්කිස්ස  වෙඩිකන්ද වෙරළ තීරයටද   මියගිය   කැස්බෑවන්ගේ සිරුරු තුනක් ගොඩ ගසා ඇති බවත් පොලීසිය කියා සිටියේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT