Home » ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක්

by chanaka
December 6, 2023 9:41 am 0 comment

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 600ක් ලබා දීමට නියමිත බව එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එම මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බවයි.

ශ්‍රී ලංකාව දශක කිහිපයකට පසු මුහුණ දීමට සිදු වූ දරුණුතම මූල්‍ය අර්බුදයෙන් පීඩා විදිමින් සිටින අතර, පසුගිය වසරේ වාර්තාගත අඩු විදේශ විනිමය සංචිත හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2022 වසරේ දී 7.8% කින් සංකෝචනය විය.

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ එක්වීමෙන් පසු මේවන විට ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර වෙමින් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධ පළමු සමාලෝචනය ලබන සතියේ පැවැත්වෙන අතර ගෝලීය ණය දෙන්නා විසින් එහිදී ඩොලර් මිලියන 334 ක පමණ දෙවන වාරිකය අනුමත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අමතරව ඉදිරි වසර හතර තුළ ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් බිලියන 02 ක සම්පූර්ණ මූල්‍ය ආධාරයක් ලබා දීමට ඉඩ ඇති බව ද ආසියානු සංවර්ධන බැංකුයේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT