Home » ළමුන්ට පොලිතින් කැවූ විදුහල්පති නැවත ඉල්ලා උද්ඝෝෂණයක්

ළමුන්ට පොලිතින් කැවූ විදුහල්පති නැවත ඉල්ලා උද්ඝෝෂණයක්

by yasara
December 6, 2023 11:28 am 0 comment

පාසල් ළමුන් පිරිසකට පොලිතින් කැවු දැනට තාවකාලිකව ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා යලිත් පාසල වෙත ලබාදෙන ලෙස බල කරමින් එම විදුහලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පිරිසක් අද (06) දින පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

එම පාසලේ හිටපු විදුහල්පති ජානක ජයවර්ධන මහතා ඉකුත් මස (21) දින එම පාසලේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් පාසලට රැගෙන ඒමට තහනම් කර තිබු පොලිතින් වල දිවා ආහාර රැගෙනවිත් ආහාර අනුභව කිරිමෙන් අනතුරුව යලිත් එම පොලිතින් නිවසට රැගෙන යාමට සිය බැගය තුල දමාගෙන සිටියදි විදුහල්පතිවරයා විසින් එම පොලිතින් රැගෙන සිසුන් හත්දෙනෙකුට එය අනුභව කරන ලෙසට කල නියෝගය මත සිසුන් හත්දෙනා ඔවුන් රැගෙන පැමිණ පොලිතින් අනුභව කිරිමෙන් අනතුරුව ඉන් ළමුන් පස්දෙනෙකු රෝගාතුර වි නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබිණ.

රෝහල්ගත සිසුන්ගේ දෙමව්පියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය විසින් විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා මේ මස (04) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව සැකකාර විදුහල්පතිවරයා ඇප මත මුදා හැරිමට නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියන් කියා සිටියේ දැනට තාවකාලිකව ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති හිටපු විදුහල්පතිවරයා විදුහලේ විනය පවත්වාගෙන යාමට ක්‍රියාකල බවත්, ඒ අනුව පාසලේ පරිසර පද්ධතිය රැක ගැනිම සදහා පාසලට පොලිතින් රැගෙන ඒම තහනම් කර තිබියදි එම සිසුන් පිරිස විසින් පොලිතින් වල ආහාර ඔතා රැගෙන විත් ඇති බවත්, ඒ සදහා විදුහල්පතිවරයා විසින් එම සිසුන්ට දඩුවමක් ලබා දි ඇති බවයි.

පාසලේ විනය සහ අධ්‍යාපන මට්ටම ඉහල දැමිමට එම විදුහල්පතිවරයා කටයුතු කල බවත්, මෙවර අපොස සාමාන්‍ය පෙල විභාගයෙන්ද සිසුන් විශාල පිරිසක් ඉහල ප්‍රතිඵල ලබාගැනිමට සමත් වි ඇත්තේ හිටපු විදුහල්පතිවරයාගේ කැපවිම නිසා බවයි.

තාවකාලිකව මාරු කර ඇති විදුහල්පතිවරයා යලිත් එම පාසලට ලබාදෙන ලෙස උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

විදුහල්පතිවරයා පාසල් සිසුන් පිරිසකට පොලිතින් අනුභව කිරිමට නියෝග කිරිම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින්ද පරික්ෂණයක් ආරම්භ කර ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT