Monday, May 5, 2025
Home » රතු බිල් යැවීම ගැන විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

රතු බිල් යැවීම ගැන විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

by chanaka
December 6, 2023 4:49 pm 0 comment

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර, බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලබන බවයි.

සාමාන්‍යයෙන් රතු බිලක් නිකුත් කරනු ලබන්නේ මාසයක් ගතවු පසුව බවත්, ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙන අතර විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුව වන බවත් විදුලිබල මණ්ඩලය, විදුලිය දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, 2023 වසරේ මුල් මාස 10 තුළදී විදුලිය විසන්ධි කිරීම් හා නැවත සම්බන්ධ කිරීම් 544,488ක් සිදුකර ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2016 වසරේ සිට 2023 ඔක්තෝම්බර් මාසය දක්වා කාලය තුළ සිදුකළ විදුලිය විසන්ධිකිරීම් සහ නැවත සම්බන්ධ කිරීම්වල දත්තවලට අනුව 2019 වසරේ 573,073ක් විදුලිය විසන්ධිකර නැවත සම්බන්ධ කර ඇති බවද අදාළ නිවේදනයේ දැක්වේ.

2020 සහ 2021 කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම අගය අඩු වූ බවත් 2022 විදුලි කප්පාදුව හේතුවෙන් විසන්ධි කිරීම් සීමා වූ බවත් විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.

තවද, සාමාන්‍යයෙන් වසරකට නව පාරිභෝගිකයින් 150,000ක් පමණ අලුතින් විදුලි සම්බන්ධතා ලබාගන්නා බවත්, ඒ අනුව 2023 දී 544,488ක් විදුලිය විසන්ධිකිරීම් සහ නැවත සම්බන්ධ කිරීම් සිදුකර තිබීම 2019 වසර හා සැසඳීමේදී සාමාන්‍ය තත්ත්වයක් බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT