756
නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 12 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී ඇත.
මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතය.
මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ තිබුණේ, අධිකරණ අමාත්‍යවරයා විසිනි.