පාම් ඔයිල් නිෂ්පාදනය පිළිබඳ මිථ්‍යා මත බිඳ දැමීමේ වාර්තාවක් සැකසෙයි
ශ්‍රී ලංකා විද්‍යා ප්‍රවර්ධනය සඳහා වූ සංගමය (SLAAS) සහ ජාතික විද්‍යා පදනම (NSF) එක්ව ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් වගාව පිළිබඳ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමේ වැඩමුළුවක් Asia Palm Oil Alliance (APOA) සහ Solidaridad Asia යන ආයතනවල අනුග්‍රහය යටතේ පවත්වනු ලැබූ අතර, මෙම වැඩමුළුව Nucleus Foundation විසින් සම්බන්ධීකරණය කරන ලදි.
2021 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා රජය විසින් පාම් ඔයිල් ආනයනය සහ වගාව තහනම් කෙරුණු අතර, පාම් ඔයිල් ගස් උදුරා දමා එම ප්‍රදේශවල රබර් ගස් නැවත සිටුවන ලෙස රජය නියෝග කළේය. මෙම තීරණය 2018 වසරේදී නිකුත් වූ වාර්තාවක් මඟින් පාම් ඔයිල් කර්මාන්තයේ ඍණාත්මක සාමාජීය හා පාරිසරික බලපෑම් පිළිබඳ වාර්තා කිරීම එම තත්ත්වයට හේතු විය. ඉන්පසුව ඩොලර් මිලියන 88ක් අහිමි වීම හරහා නිර්මාණය වූ මූල්‍ය පීඩනය නිසා පාම් ඔයිල් ආනයනය සඳහා වූ තහනම කඩිනමින් ඉවත් කෙරුණ ද, පාම් ඔයිල් වගාව සඳහා වූ තහනම තවමත් ඉවත් කර නොමැත. ෆාම් ඔයිල් ආනයන තහනම ඉවත් කිරීම දේශීය ආහාර සහ රසකැවිලි කර්මාන්තය මුහුණ දෙන අභියෝග සමනය කිරීම වෙනුවෙන් ගනු ලැබූ දූරදර්ශී පියවරක් ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත් රට තුළ පාම් ඔයිල් නිෂ්පාදනය කිරීම සඳහා වන තහනම ඉවත් නොකිරීම වර්තමාන ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පිළිබඳ ගැටලුව තීව්‍ර කිරීමට හේතු විය. මෙම තහනම ඉන්දියාව, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල මෙන් පාම් ඔයිල් වගාව ආශ්‍රිතව සාර්ථක වීමේ අවස්ථාව මෙරට කුඩා වතු හිමියන් බොහෝ දෙනෙකුට අහිමි කළ අතර, දැනට සමස්ත ගෝලීය පාම් ඔයිල් නිෂ්පාදනයෙන් 40%ක් ලැබෙන්නේ කුඩා වතු හිමියන්ගෙන් බව ද පැවසිය යුතුම කරුණකි.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදය සහ පාම් ඔයිල් කර්මාන්තය තුළ දක්නට ලැබෙන අතිවිශාල අවස්ථා පිළිබඳ සැලකිල්ල ගනිමින් ශ්‍රී ලංකා විද්‍යා ප්‍රවර්ධනය සඳහා වූ සංගමය (SLAAS) සහ ජාතික විද්‍යා පදනම (NSF) විසින් එම ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රතිපත්ති නැවත සම්පාදනය කිරීමේ වැඩසටහන සංවිධානය කෙරිණි.
සාධාරණ සහ තිරසාර සැපයුම් දාමයක් ගොඩනැංවීමේ පුරෝගාමියෙකු වන Solidaridad Asia, පාම් ඔයිල් සහ පාම් ඔයිල් නිෂ්පාදනය පිළිබඳ මිත්‍යා මත බිඳ දැමීම අරමුණු කරමින් වාර්තාවක් නිකුත් කළ අතර, ‘පාම් ඔයිල් පිළිබඳ මිථ්‍යා මත සහ සත්‍ය’ යන මාතෘකාවෙන් යුත් මෙම වාර්තාව අදාළ විෂය පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් ලෙස දැක්විය හැකිය. මෙහිදී ලොව අනෙකුත් පාම් ඔයිල් නිෂ්පාදනය සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදුකළ විද්‍යාඥයින් විසින් සපයන ලද විද්‍යාත්මක සාක්ෂි මෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදු කෙරුණු පර්යේෂණවල ප්‍රතිඵල පිළිබඳව ද ගැඹුරු සමාලෝචනයක් සිදු කර ඇත.
‘තිරසර නිෂ්පාදනය’ නමින් පැවැත්වුණු මෙම වැඩමුළුවේදී ඉහත සඳහන් වාර්තාව සැකසීමට දායක වූ ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් ලාංකික විද්‍යාඥයන්ගේ සහභාගිත්වයෙන් පාම් ඔයිල් වගාව තහනම් කිරීම පිළිබඳව මෙන්ම එම තහනමේ අනිටු ප්‍රතිඵල පිළිබඳව කරුණු සමාලෝචනය කර, එම ක්ෂේත්‍රය හා සම්බන්ධ බලධාරීන් ඒ පිළිබඳව දැනුම්වත් කිරීමට අරමුණු කරයි.
ශ්‍රී ලංකාව දැනට වාර්ෂිකව එළවළු තෙල් මෙට්‍රික් ටොන් 180,000 – 220,000ක් ආනයනය කරන අතර, එය ඔයිල් පාම් හෙක්ටයාර 50,000කින් හෝ පොල් හෙක්ටයාර 271,000කින් සාර්ථකව සපුරාලිය හැකි ඉල්ලුමකි. එමෙන්ම පාම් ඔයිල් හෙක්ටයාරයකින් ලබා ගත හැකි තෙල් අස්වැන්න, පොල්වලට වඩා 4 හෝ 5 ගුණයකට වඩා වැඩිය. 1968 වසරේදී ශ්‍රී ලංකාවේ ආරම්භ වූ පාම් ඔයිල් වගාව වසර 54කට වැඩි කාලයක් ශ්‍රී ලාංකේය ජාතිය පෝෂණය කිරීමට කටයුතු කර ඇති අතර, මෙම වතුවල පාංශු හායනය සහ ජල සම්පත් හිඟ වීම පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැත. ආර්ථික සැසඳීම්වලින් හෙළි වන්නේ පාම් ඔයිල් මඟින් වසරකට හෙක්ටයාරයකට රුපියල් 720,000ක සාමාන්‍ය ලාභයක් ලබා ගත හැකි බවත්, එය පොල් (රුපියල් 315,000), රබර් (රුපියල් 90,000) සහ තේ (රුපියල් 600,000) අබිබවා යන බවත්ය. එමෙන්ම පාම් ඔයිල් ක්ෂේත්‍රය ආශ්‍රිතව සේවය කරන කම්කරුවකුගේ මාසික වැටුප රුපියල් 30,000 – 50,000 දක්වා පරාසයක පවතින අතර, එය ද තේ (රුපියල් 25,000) සහ රබර් (රුපියල් 18,000) යන කර්මාන්ත අබිබවා යයි. තවද පාම් ඔයිල්වල ජල පියසටහන (1,097 m3 ජලය/ටොන්) පොල් තෙල්වලට (2678 m3 ජලය/ටොන්) වඩා සැලකිය යුතු ලෙස අඩු වන අතර, රබර් සහ තේවලට (පිළිවෙළින් ජලය/ටොන් 13,737 සහ 8856 m3) වඩා ඉතා අඩු ය. පාම් ඔයිල් වගා කරන වෙනත් රටවල් හා සසඳන විට පාම් ඔයිල් වගා කරන හෙක්ටයාර 50,000ක් සහිත ශ්‍රී ලංකාවට ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කරමින් කුඩා වතු හිමියන් සහ කම්කරුවන් 300,000ක පමණ ජීවනෝපාය උත්පාදනය කිරීමේ හැකියාව ඇත.
ශ්‍රී ලංකාවේ 100කට අධික පාර්ශ්වකරුවන් සහ ප්‍රවීණයන්ට අමතරව ඉන්දියාව, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල තානාපති කාර්යාල නියෝජිතයින්ට ඔවුන්ගේ අත්දැකීම් සහ සැලසුම් බෙදාගැනීමට මෙම වැඩමුළුවේදී අවස්ථාව ලැබුණු අතර, පාම් ඔයිල් කර්මාන්තය ග්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීමේ සහ ආර්ථික සංවර්ධන වැඩසටහන් සඳහා සහාය කරගන්නා ආකාරය පිළිබඳව මෙහිදී විවිධ අදහස් මතු විය. මෙම කාලෝචිත වැඩමුළුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට සහ කුඩා පරිමාණ ගොවීන් බලගැන්වීමට එම කර්මාන්තය සතු හැකියාව උපරිමයෙන් දායක කර ගැනීම ශ්‍රී ලංකා විද්‍යා ප්‍රවර්ධනය සඳහා වූ සංගමයේ සහ ජාතික විද්‍යා පදනමේ අරමුණයි.