Home » CDB හා ළමා සංවර්ධන සංගමයෙන් දකුණු පළාතට ළමා සංවර්ධන මධ්‍යස්ථානයක්

CDB හා ළමා සංවර්ධන සංගමයෙන් දකුණු පළාතට ළමා සංවර්ධන මධ්‍යස්ථානයක්

by sachintha
December 6, 2023 1:00 am 0 comment

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම සහ ශ්‍රී ලංකා ළමා සංවර්ධන සංගමය (SLACD) එක්ව ‘ප්‍රගති’ දකුණු පළාත් ඕටිසම් සහ ස්නායු සංවර්ධන මධ්‍යස්ථානය පසුගියදා විවෘත කෙරිණි. මෙය, එම ආයතන එක්ව ක්‍රියාත්මක කරනු ලබන “Act Early for Autism” ව්‍යාපෘතියේ තවත් එක් අදියරකි.

රුපියල් මිලියන 45 ඉක්මවූ ආයෝජනයකින් සහ නවීන පහසුකම්වලින් යුතුව කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපනයකර ඇති මෙම මධ්‍යස්ථානය, ඕටිසම් ලක්ෂණ (ASD) සහිත දරුවන් හට සුබදායී බලාපොරොත්තුවක් හිමිකරදීම සඳහා අවශ්‍ය පරිපූර්ණ සහයෝගය ලබාදීමේ වැදගත්කම කෙරෙහි CDB සහ SLACD ආයතන තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු කරයි.

‘ප්‍රගති’ ළමා සංවර්ධන මධ්‍යස්ථානය, ඕටිසම් ලක්ෂණ පෙන්නුම්කරන දරුවන්ගේ පුළුල් පරාසයක අවශ්‍යතා සපුරාලිය හැකි ලෙස නිර්මාණයකර තිබේ. චිකිත්සක කාමරය (Therapy Room), අවධානය වෙනතකට යොමු නොවන ලෙස සැලසුම්කර ඇති අතර, එහි මනා පුහුණුවක් ලද චිකිත්සකවරු දරුවන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි තම සේවය ලබාදෙනු ලබති. තවද, නිරීක්ෂණ කාමරය (Observation Room) මගින් දරුවකුගේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමටත්, එම ප්‍රගතිය ඇගැයුමට ලක් කිරීමටත් එම වෘත්තිකයින් හට අවස්ථාව හිමිකර දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT