Home » දැයේ දරුවන්ගේ අනාගතය උදෙසා LOLC දිවි සවියේ නොනවතින මෙහෙවර

දැයේ දරුවන්ගේ අනාගතය උදෙසා LOLC දිවි සවියේ නොනවතින මෙහෙවර

by sachintha
December 6, 2023 1:00 am 0 comment

LOLC දිවි සවිය පෙරළිකාර අධ්‍යාපනික දිරිය වැඩසටහනේ තුන්වැනි අදියර නත්තලේ සැබෑ ජීවයට අරුතක් එක්කරමින් ඊට සමගාමීව දියත් කෙරේ. නොවැම්බරයේ දෙවන අදියර සම්පූර්ණ වීමත් සමඟ පාසල් 3000ක සන්ධිස්ථානය කරා ළඟා වූ අතර, මෙම අදියර යටතේ දිවයින පුරා පිහිටි සිසුන් 100-150ක් අතර සංඛ්‍යාවක් සිටින පාසල් වෙත ද ව්‍යාප්ත කිරීමට ද අපේක්ෂා කෙරේ.

උත්සව සමයට ජීවයක් එක්කරමින් LOLC දිවි සවිය සුවිශේෂී නත්තල් කලාපය “අනාගතය තිළිණ කිරීම” යන තේමාව යටතේ දෙසැම්බර් මාස පුරා එළිදක්වනු ලබයි. උත්සව සමයේ ජීව ගුණයක් වූ පරිත්‍යාග කිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරන LOLC සමූහය ජාතියට දීප්තිමත් සහ යහපත් අනාගතයක් සහතික කිරීම උදෙසා තරුණ සිත්වල සැබෑ වෙනසක් ඇති කිරීමට කැපවී සිටී. මෙම කාලානුරූප සංකල්පයේ ප්‍රතිරාව නංවමින් දිවයින පුරා පිහිටි LOLC ශාඛා 24ක් උපාය මාර්ගිකව කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ක්‍රියාකාරකම් රැසක් සැලසුම් කර ඇති අතර, ප්‍රාදේශීය පාසල් සිසුන් සහභාගි කර ගැනෙනේ සිහින ‘තිළිණ’ කිරීමේ අගය අවධාරණය කරමිනි.

2023 වසරේ පෙබරවාරි මාසයේ සමාරම්භයේ සිට LOLC දිවි සවිය වැඩසටහන මඟින් 1 වැනි ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබා දෙමින් ජාතියේ අවශ්‍යතා සපුරාලීම උදෙසා සිය කැපවීම නිරන්තරයෙන් ප්‍රදර්ශනය කර ඇත.

මෙම අවස්ථාව පිළිබඳව සිය උද්‍යෝගය පළ කරමින් අදහස් දැක්වූ LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි කපිල ජයවර්ධන මහතා මෙසේ පැවැසීය. LOLC දිවි සවිය මානුෂීය ප්‍රයත්නයේ තවත් අදියරක් ප්‍රකාශයට පත් කරන්නේ සාඩම්බරයෙනි. මෙවර නත්තලේ අප සමරනු ලබන්නේ උත්සව සමයේ ප්‍රීතිය පමණක් නොවේ. ‘අනාගතය තිළිණ කිරීම’ වැඩසටහන හරහා පරිත්‍යාග කිරීමේ ජීව ගුණය ද මූර්තිමත් කෙරේ. තුන්වැන අදියර අවසන් වනවිට, දිවයිනේ පාසල්වලින් 40% කට වැඩි ප්‍රමාණයකට ළඟාවෙමින් අසීමිත දරුවන් පිරිසකගේ අධ්‍යාපනයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හැකිවනු ඇත යනුවෙන් පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT