Home » කප්රුක නත්තල් වාසි විශේෂ ටිකට්පත වෙ‍ෙළඳපොළට

කප්රුක නත්තල් වාසි විශේෂ ටිකට්පත වෙ‍ෙළඳපොළට

by sachintha
December 6, 2023 1:00 am 0 comment

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමඟින් අත්වැල් බැඳ සිටින ලොතරැයි පාරිභෝගික ඔබ වෙනුවෙන් වාසනාව උරුම කිරීමේ අරමුණින් මේ වන විට ලොතරැයි වෙළෙඳ පොළේ වැඩිම කෝටිපති ජයමල්ල හිමි කප්රුක ලොතරැයිපතින් නත්තල් වාසි නමින් විශේෂ දිනුම් ඇදීමක් 2023 දෙසැම්බර් 29 වන සිකුරාදා දින සිදු කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත.

එම විශේෂ ටිකට්පත වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම 2023 දෙසැම්බර් 04 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී එහි සභාපති/ ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව සිදු විය.

‘කප්රුක නත්තල් වාසි’ විශේෂ ටිකට්පත ඔහුගේ සිහින සැබෑ කර ගන්න අවස්ථාවක් සලසමින් රුපියල් කෝටි 47ක සුපිරි ජයමල්ල සහ අනෙකුත් සුපුරුදු මුදල් ත්‍යාගවලට අමතරව විශේෂ අංක ගැළපීමෙන් රුපියල් 100,000/- සහ 50,000/- මුදල් ත්‍යාග රැසක් ද ඔබ වෙත හිමිකර දීමට අවස්ථාව උදාකර දී ඇත.

රුපියල් 40/-ක මිලට ඔබ අතට ලබා දෙන ‘කප්රුක නත්තල් වාසි’ විශේෂ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගෙන ඔබගේ වාසනාව ළඟා කර ගන්නා ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආරාධනා කර සිටියි.

ඡායා – විමල් කරුණාතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT