Home » සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් බිහි කළ සුපිරි ජයග්‍රාහකයින් වෙත චෙක්පත් ප්‍රදානය

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් බිහි කළ සුපිරි ජයග්‍රාහකයින් වෙත චෙක්පත් ප්‍රදානය

by sachintha
December 6, 2023 1:00 am 0 comment

දශක 04ක් පුරා වාසනාවේ විශ්වාසය රැකගනිමින්, සිය ජාතික මෙහෙවර ඉටුකරමින් සිය ලොතරැයි පත් අලෙවිය හරහා පාරිභෝගික ජනතාව හට ජයග්‍රහණලබා දීමට අමතරව, ජනාධිපති අරමුදල හරහා අසාධ්‍ය රෝගවලින් පෙළෙන හදවත් රෝගීන්ගේ සහ සංකීර්ණ සැත්කම් වෙනුවෙන් ප්‍රතිකාර සඳහාත්, මහපොළ උසස් ශිෂ්‍යත්ව අරමුදල පෝෂණය කිරීම සඳහාත්, අරමුදල් බැර කරන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වශයෙන් ද සංවර්ධන ලොතරැයි මණ්ඩලය දායක වන බව ද සඳහන් කරමු.

සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ සුපිරි ජය මලු ඇතුළුව රුපියල් ලක්ෂ 20/= ලක්ෂ 10/= ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්‍රදානය හා ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සඳහා ද චෙක්පත් සහ සහතික පත් ප්‍රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ සහ කළමනාකාරිත්වයේ සහභාගිවයෙන් ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍ර‍ෙය්දී සිදු කරන ලදි.

මෙහිදී සංවර්ධන ලොතරැයි පත් අතරින්, ජයෝදා සුපිරි ජය මල්ල වන රු. 46,572,527.20, ලග්න වාසනාවෙන් සුපිරි ජය මලු තුනක් වන රු. 8,120,760.00, රු 4,112,091.00 සහ රු. 3,960,892.00 දිනාගත් ජයග්‍රාහකයන් සඳහා චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඡායා – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT