ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී මිනෙට් ද සිල්වාගේ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය ලෙස නම් කෙරුණු නව ප්‍රදර්ශනය පසුගිය නොවැම්බර් මස 30 දා කොළඹ ක්‍රෙස්කැට් බූලෙවාර්ඩ්හි බිම් මහලේ පිහිටි කෞතුකාගාර පරිශ්‍රෙය්දී විවෘත විය. තිනාල් සංජීව, නිමායා හැරිස්, ශාර්මිණී පෙරේරා සහ රිචෙල්මර්සලින් යන අභිරක්ෂණ සහායකවරුන් විසින් සංරක්ෂණය කළ ” අක්කර 88
MMCA ශ්‍රී ලංකා ” ප්‍රදර්ශනය ෙමවැනි සන්ධර්භයක් යටතේ පැවැත්වෙන මෙරටේ පළමු ඒක ප්‍රද්ගල ප්‍රදර්ශනයයි. මෙම ප්‍රදර්ශනයේ මිනෙට්ද සිල්වා විසින් නිර්මාණ සැලසුම්කරණය කළ 1958 විවෘත කළ මහනුවර පිහිටි වටපුළුව නිවාස යෝජනා ක්රමයේ අනුරූ, ඡායාරූප, වීඩියෝ දර්ශන, ප්‍රකාශන ලේඛන, ස්ථාපන සහ නිර්මාණ සැලසුම් හා ආකෘති ඇතුළු දෑ ප්‍රදර්ශනය කෙරේ. 50 දශකයේ ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජීය සහ දේශපාලනික විපර්යාස මේ ගෘහ නිර්මාණ ශිල්පය තුළ ඉස්මතු වේ. එසේම මෙය අලුතින් නිදහස් වූ රාජ්‍ය සන්ධර්භයක් තුළ මහනුවර තදාසන්න ප්‍රදේශයක පිහිටි සංස්කෘතිකමය වශයෙන් ඉතා පොහොසත් භූගෝලීය ප්‍රදේශයත්, මීටම එකිනෙකට යා වෙන නිවාස සංකීර්ණයත් දෙස නිර්මාණාත්මක ඇසකින් බැලූ නිර්මාණ කාර්යයකි. ගෘහ නිර්මාණ ශිල්පියෙකු, අධ්‍යාපනඥයෙකු, මෙන්ම චින්තකවරියක ලෙසද ඇගේ පරිචය මෙයින් මොනවට විදහා දක්වන්නට සමත් වෙයි.
මෙහි ප්‍රධාන පරිත්‍යාගශීලීන් හා අරමුදල් දායතක්වය සපයන්නේ ජෝන් කීල්ස් පදනම, නේෂන් ට්‍රස්ට් බැංකුව සහ ෆෙයාෆස්ට් රක්ෂණ ආයතනයයි. එසේම ෆොටෝ ඩිසයින්, ඇඩ්වෙන්ට් ප්‍රොජෙක්ට්ස් PVT (LTD)ශ්‍රී ලංකා ගුවන් සේවය, LITE 87, රිදම් FM සහ රොක් FM සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයත් දායකත්වය සපයයි. මෙම ප්‍රදර්ශනය අධ්‍යාපය හා දැනුම්වත් කිරීම උදෙසා අරමුණු කර එකක් වන අතර සතියේ සෑම දිනෙකම පෙ.ව10 සිට ප.ව 6 දක්වා (පෝය සහ මහජන නිවාඩු දිනවල හැර) ප්‍රදර්ශනය කෙරේ. මෙහි ඇතුළුවීම සහ සියලු මහජන වැඩසටහන් නොමිලේ සිදු කෙරේ. ගෘහ නිර්මාණ ශිල්පයට ඇලුම් කරන සහ අධ්‍යයනයට ඇලුම් කරන ඔබට මෙය කදිම අවස්ථාවකි. www.mmca-srilanka.org හෝ facebook.com/mmcasrilanka සහ instagram.com/mmmcasrilank පිටුවලින් වැඩි විස්තර ලබා ගත හැකියි.