ජාතික සමඟියට හානිකර බව සඳහන් කරමින් ‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට නේපාල රජය ගත් තීරණයට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සම් 16ක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘ටික් ටොක්’ තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ඉල්ලා එම රිට් පෙත්සම් ගොනු කර ඇතැයි ද වාර්තා වේ.
අධිකරණය දක්වා දුර දිග ගිය ‘ටික් ටොක්’ තහනම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ගොනු කරමින් නේපාලයේ අගමැති පුෂ්ප කමල් දහාල් ප්‍රකාශ කර ඇත්තේ එරට ඇති විය හැකි සමාජ අර්බුදයන් වළක්වා ගැනීමට මේ තහනම අත්‍යවශ්‍ය වූ බවය. එමෙන්ම ‘ටික් ටොක්’ තහනම් කිරීමට රජය පියවර ගනු ලැබුවේ එහි ක්ෂණික හා දිගු කාලීන බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් මත බවත්, එය සමාජ රෝගයක් සහ වසංගතයක් බවට පත්වී ඇති බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය ජාලයේ අහිතකර බලපෑම්වලින් සමාජය සහ ජාතිය ආරක්ෂා කිරීමට මේ පියවර ගත් බවත් නේපාල අගමැතිවරයා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.