Home » හිමාලයේ දේශගුණික විපර්යාස අවදානම් මට්ටමක

හිමාලයේ දේශගුණික විපර්යාස අවදානම් මට්ටමක

-COP28 සමුළුවේදී භූතානය අනතුරු අඟවයි

by sachintha
December 6, 2023 1:00 am 0 comment

හිමාල කඳුකර පරිසර පද්ධතියේ වෙනස් වන දේශගුණික තත්ත්වය හේතුවෙන් ආපසු හැරවිය නොහැකි තරම් විශාල හානියක් අත්විඳිමින් සිටින බවත්, එම දේශගුණික විපර්යාසවල බලපෑම් අතිශය අවදානමට ලක්විය හැකි බවට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි ඇති බවත් COP28 එක්සත් ජාතීන්ගේ ලෝක දේශගුණික විපර්යාස සමුළුවේදී භූතානයේ නියෝජිතවරයා අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිමාල කඳුවැටියට මායිම්ව පිහිටි මේ කඳුකර රාජ්‍යය නියෝජනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන COP28 සමුළුවට එක් වී සිටින භූතාන තාක්ෂණික කමිටුවේ ප්‍රධානි කර්මා ෂෙරිං සඳහන් කර ඇත්තේ අවදානමට ලක් විය හැකි කඳුකරයේ පදිංචි වී සිටින ජනතාව සහ ඔවුන්ගේ ආර්ථිකය සම්බන්ධව අඛණ්ඩව සාකච්ඡා පැවැත්විය යුතු බවය.

මේ සමුළුවේ ඉදිරි දින 10 දී ජලය සහ ආහාර සුරක්ෂිතාවයේ සිට දේශගුණික මූල්‍යකරණය සහ බලශක්ති විවිධාංගිකරණය කිරීම දක්වා සාකච්ඡා 40කට භූතානය සහභාගි වීමට නියමිතව ඇති අතර, දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීමට සහ කාබන් මධ්‍යස්ථභාවය පවත්වා ගැනීමට භූතානය සිය කැපවීම ප්‍රදර්ශනය කිරීම රාජ්‍ය නායකයන්ගේ ඇගැයීමට ලක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එහි සමාරම්භක සැසියේදී භූතානය වර්තමාන කඳු සහ දේශගුණික විපර්යාස පිළිබඳ කිර්ගිස්තානය සමඟ අතිශය වැදගත් තාක්ෂණික සංවාදයක නිරත වූ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT