Home » කෝටි 03 කට අලෙවි කිරීමට ගිය වාලම්පුරියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

කෝටි 03 කට අලෙවි කිරීමට ගිය වාලම්පුරියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

by yasara
December 6, 2023 12:21 pm 0 comment

බදුල්ල නගරයේ දී ඉතා  වටිනා දුර්ලභ  ගනයේ වාලම්පුරියක් රුපියල් කෝටි 3ක මුදලකට විකිණීමට ගිය  පුද්ගලයකු  ඊයේ (5) රාත්‍රි නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක් යැයි පොලිසිය කීය .

බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු ඉතා වටිනා දුර්ලභ ගනයේ වාලම්පුරියක් හොර රහසේ විකිණීමට යන බවට  ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගැනුම්කරුවන් මෙන් වෙස්වලාගෙන බදුල්ල නගරයට පැමිණ  මෙම සැකකරු සමඟ එම වාලම්පුරිය රුපියල් කෝටී 3ක මුදලට මිළදී ගැනීමට කතා කර ගෙන ඇති බවත් පොලිසිය සදහන් කළේය .

පසුව සැකකාර පුද්ගලයා ඉතා වටිනා එම දුර්ලභ ගනයේ වාලම්පුරිය ගැනුම්කරුට විකිණීමට බදුල්ල කොස්ගස් හංදිය ප්‍රදේශයට  රාත්‍රි  රැගෙන ආ අවස්ථාවේ  මෙසේ අත්අඩංගුවට ගත් බවද නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවසීය .

මෙම වටිනා ඉතා දුර්ලභ ඝනයේ වාලම්පුරිය සැකකරු බදුල්ල තෙල්බැද්ද වත්තේ දේවස්ථානයකින්   රැගෙන  ආ බවට  සැකකරුගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු අනාවරණය විනැයි උසස් නිළධාරියකු කීය.

නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම ඉතා දුර්ලභ ගනයේ වාලම්පුරිය සමඟ සැකකරු වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා බදුල්ල පොලිසිය ට බාර දී තිබේ .

බදුල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වති

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT