Home » දෙහිවල අතහැර දමා ඇති ගොඩනැගිල්ලකින් අත් බෝම්බයක් හමුවෙයි

දෙහිවල අතහැර දමා ඇති ගොඩනැගිල්ලකින් අත් බෝම්බයක් හමුවෙයි

by yasara
December 6, 2023 3:48 pm 0 comment

දෙහිවල පොලිස් වසමේ අනගාරික ධර්මපාල මාවතේ අඩක් ඉදිකර අතහැර දමා ඇති මහල් 11කින් සමන්විත ගොඩනැගිල්ලක 05 වන මහලේ නිල් පැහැති පොලිතින් බෑගයක බහාලන ලද අත්බෝම්බයක් වැනි යමක් ඇති බවට එහි ආරක්ෂක නිලධාරියා විසින් අද (06) දින උදෑසන 10ට පමණ පොලිසිය දැනුවත් කල බව දෙහිවල පොලිස් ස්ථානය පැවසීය.

එම වැඩ අවසන් නොකල ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කරන ගාමීනී ලියනගේ යන අය විසින් දෙහිවල පොලිස් ස්ථානය දැනුවත් කර ඇත.

නිල් පැහැති පොලිතින් බෑගයක පාර්සලක් ආකාරයට ඔතා ඇත්තේ අත්බෝම්බයක් වන බවට දෙහිවල පොලිස් නිලධාරීන් විසින් තහවුරු කර ගැනීමෙන් පසුව බෝම්බ නිශ්ක්‍රීය අංශය දැනුවත් කර එම බෝම්බය නිශ්ක්‍රීය කරන තුරු ආරක්ෂා සහිතව බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් දෙහිවල පොලිස් ස්ථානයේ තබා ඇති බව පොලිස් ස්ථානය පැවසූහ.

එම අත්බෝම්බය කුමන වර්ගයකට අයත්ද යන්න සහ නිෂ්ක්‍රීය තත්වයක පවතින්නේද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර ඒ සම්බන්ධව විමර්ශණ කටයුතු දෙහිවල ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතා ඇතුළු නිලධාරීන් ඛණ්ඩායමක් පවත්වන බව වැඩිදුරටත් පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT