392
කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු අද(06) දහවල් ජීවිතක්ෂයට පත් විය.
රෝහලේ ඇති පැරණි බැම්ම ඉවත් කර නව බැම්මක් ඉදිකරමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව තිබේ.
පැරණි බැම්ම සමග පස් කඩා වැටීමෙන් මෙම පුද්ගලයා ඊට යට වී ඇත.
රෝහලේ සේවකයින් හා තවත් පිරිසක් කඩිනමින් පස් ඉවත් කර ඊට යට වූ පුද්ගලයා රෝහල් ගත කළද ඒ වන විටත් ඔහු මිය ගොස් තිබූ බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ තිස් තුන් හැවිරිදි කඩුගන්නාව පරණ පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.