212
කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එම අවස්ථාවට ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, උප සභාපති ගයාන් අලගේවත්තගේ, කළමනාකාර අධ්යක්ෂ ප්රභාත් මලවිගේ මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.