Saturday, May 10, 2025
Home » ආපදා කළමනාකරණයට මෙවර අය-වැයෙන් බිලියන 13ක්

ආපදා කළමනාකරණයට මෙවර අය-වැයෙන් බිලියන 13ක්

-රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය

by sachintha
December 6, 2023 1:00 am 0 comment

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වන ස්වාභාවික විපත් රටේ ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරන බවත්, එම බලපෑම් අවම කරගැනීමේ අරමුණෙන් මෙවර අය – වැයෙන් ආපදා කළමනාකරණයට රුපියල් බිලියන 13ක් වෙන් කර ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ පවතින වර්ෂාවත් සමඟ යටියන්තොට සීපෝත් මාර්ගයේ විශාල බෑවුම් සහිත ස්ථානයක ඉදිකර තිබූ බැම්මක් සමඟ මාර්ගයේ කොටසක් කෑඩී ගිය ස්ථානය නිරීක්ෂණයට ඊයේ (05) ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ආපදා අවම කිරීම, ආපදාවට පෙර ඒවා හඳුනා ගැනීම, ආපදා හානිපූර්ණය සහ විතැන් කිරීම ඇතුළු ආපදා කළමනාකරණ කටයුතු සඳහා මේ මුදල් වැය කෙරෙනවා. මාර්ගයේ කොටසක් කැඩී යෑම නිසා එම ස්ථානයෙන් වාහන ගමනාගමනය දැඩි අවධානම් සහිත කටයුත්තක් බවට පත්ව තිබෙනවා. එනිසා වහාම එම ස්ථානය සකසා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නා.”

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT