Saturday, May 10, 2025
Home » මෙවර අය-වැයෙන් අධ්‍යාපනයට වැඩි අවධානයක්

මෙවර අය-වැයෙන් අධ්‍යාපනයට වැඩි අවධානයක්

- එක්සත් තරුණ බළකායේ බිනුජ අමරනායක

by sachintha
December 6, 2023 1:00 am 0 comment

රට හමුවේ කුමන බාධක පැවතියත් මෙවර අය-වැයෙන් අධ්‍යාපනයට වැඩි අවධානයක් දී තිබෙන බව එක්සත් තරුණ බළකායේ බිනුජ අමරනායක මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කරන්න නීති රීති සම්මත කරගැනීම මෙන්ම ජාත්‍යන්තර තලයේ විශ්වවිද්‍යාල මෙරටට ගෙනැවිත් අධ්‍යාපනය ගැනීමට අවස්ථාව දීම වැනි කාර්යක්ෂ‍ම වැඩපිළිවෙළ හේතුවෙන් අධ්‍යාපනයට විශාල රුකුලක් ලැබෙනවා. උසස් පෙළ සමත් සෑම ශිෂ්‍යයකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැනීමට අවස්ථාවක් දීම සහ වෘත්තීය පුහුණුව දීම යන අය-වැය යෝජනා දෙස අපි තරුණයන් විදිහට බැලිය යුතුයි. අද රටේ බහුතරයක් තරුණයන් උසස් පෙළින් පසු සුළු කර්මාන්තවල නියැළී සිටිනවා. මම හිතනවා, මේ වගේ යෝජනා ගෙන ඒම එම තරුණයන්ට විශාල රුකුලක් වේවි ජීවිතය ඉදිරියට ගෙන යන්න. ඒ වගේම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කරන්න නීති රීති සම්මත කරගැනීම, ජාත්‍යන්තර තලයේ විශ්වවිද්‍යාල මේ රටට ගෙනත් අධ්‍යාපනය ගැනීමට අවස්ථාව දීම වැනි කාර්යක්ෂ‍ම සහ වැදගත් වැඩපිළිවෙළ යටතේ අධ්‍යාපනයට විශාල රුකුලක් ලැබෙනවා.”
එක්සත් තරුණ බළකායේ දිනෝද හංසින මහතා
“2024 සඳහා වූ යෝජිත අය-වැයේ සාධනීය කරුණු කිහිපයක් මම කතා කරනවා. වැටුණු රට ජනාධිපතිවරයා විසින් ගොඩ ගනිමින් පවතින අවස්ථාවක ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජනතාවට එල්ල විය හැකි බලපෑම අවම කර උපරිම සහන දෙන්න ඉතාමත් සාර්ථක අය-වැයක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා. 2022 සැප්තැම්බර් වන විට සියයට 70ක් දක්වා ඉහළ ගිය උද්ධමනය මේ වනවිට සියයට 3.5කට අඩු වෙලා තිබෙනවා. බිංදුවේ පැවති විදේශ විනිමය සංචිතය අද වෙන කොට අමෙරිකන් ඩොලර් 3.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2023 අය-වැයේ සාර්ථකත්වය මම හිතන්නේ මෙමඟින් පෙන්නුම් කරනවා.”
ලසිත වලිසිංහ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT