173
මතුගම ශාන්ත මේරි විදුහලේ 95/98 ආදි සිසු කණ්ඩායම සංවිධාන කළ ගුරු උපහාර උලෙළ පසුගිය 26 වැනිදා මතුගම, ලක්සිරි උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 1985 වර්ෂයේ සිට 1998 වසර දක්වා ශාන්ත මේරි විදුහලේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන්ට අකුරු කළ ගුරු මවුපියවරුන්ට සහ විදුහල්පතිවරුන්ට මෙහිදී උපහාර පිදුණි. පාසල් දිවියෙන් සමුගෙන වසර 25ක් පිරීම නිමිත්තෙන් මේ උත්සවය සංවිධාන කෙරිණි.