Home » පොහොට්ටුවේ දෙවන මහා සම්මේලනයට සියලු ප්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරනවා

පොහොට්ටුවේ දෙවන මහා සම්මේලනයට සියලු ප්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරනවා

-මන්ත්‍රී නාමල් රාජපක්ෂ

by sachintha
December 6, 2023 1:00 am 0 comment

සෑම ග්‍රාම සේවා වසමක්ම නියෝජනය වන පරිදි සිය පාක්ෂිකයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනයට ආරාධනා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ තංගල්ලේ ඊයේ (05) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“එළැඹෙන 15 වැනිදා පස්වරු 1.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සම්මේලනය ආරම්භ කරනවා. ඊට සතර දෙසින් පාක්ෂිකයන් එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ලෙස බිම් මට්ටමින් ගොඩනඟා ඉතා කෙටි කලකින් විශාල ජයග්‍රහණ රාශියක් ලැබූ පක්ෂයක් ලෙස ජනතාව වෙත ගොස් ඔවුන්ගේ බලය ගැනීමට සමත් වූ ජනප්‍රියම පක්ෂය ලෙස පොහොට්ටුව පෙන්වාදිය හැකියි.

ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක්‌ ලෙස සිදු වූ බිහිසුණුම, අභියෝගාත්මක ආර්ථික සහ සමාජීය කාල සීමාවකට මුහුණ දුන් දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දිය හැකියි. අපි බිම් මට්ටමින් පටන් ගත් තරුණ දේශපාලන පක්ෂයක්. අලුත් මුහුණුවරක් සමඟින් රටේ අවශ්‍යතාව, ජාතියේ අවශ්‍යතාව සහ අපි විශ්වාස කරන්නා වූ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් දෙවන මහා සම්මේලනය මෙවර පවත්වන්නේ. කුමන්ත්‍රණවලින්, අරගලවලින් බය කර තර්ජනය කර මේ පක්ෂය වට්ටන්න බැරි බව මතක් කරන්න ඕනෙ.”

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT