Saturday, May 10, 2025
Home » හිටපු අමාත්‍යාංශ ලේකම් පුස්සදෙනිය අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යාංශ ලේකම් පුස්සදෙනිය අභාවප්‍රාප්ත වෙයි

by sachintha
December 6, 2023 1:00 am 0 comment

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන වයි. බී. පුස්සදෙනිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ ඒ මහතා මිය යන විට 83 වැනි වියේ පසු වූ අතර, සමුපකාර අමාත්‍යාංශයේ ලේකම්, සබරගමුව පළාත් සභාවේ ලේකම්, ජාතික නිවාස කොමසාරිස් ආයතනයේ අධ්‍යක්ෂ වැනි පරිපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තනතුරු රැසක් දැරුවේය.

තිදරු පියෙක් වන ඒ මහතා පැනිදෙනිය අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්ය තුසිතා කරල්ලියද්ද මහත්මියගේ ආදරණීය පියාණන් වන අතර, අභියාචනාධිකරණයේ විනිසුරු උදය කරල්ලිද්ද මහතාගේ මාමණ්ඩිය වෙයි.

පුස්සදෙනිය මහතාගේ දේහය අරනායක, හකුරුගම්මන නිවෙසේ තැන්පත් කර තිබෙන අතර, ඒ මහතාගේ දේහය අද (06) පස්වරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතව ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT