Saturday, May 10, 2025
Home » බටපොළින් සුදු නයෙක්

බටපොළින් සුදු නයෙක්

by sachintha
December 6, 2023 1:00 am 0 comment

 

දුර්ලභ වර්ගයේ සුදු නාගයකු අම්බලන්ගොඩ බටපොළ ප්‍රදේශයෙන් පසුගියදා හමු වී තිබේ.
ශ්‍රී ලංකාවෙන් හමු වන උග්‍ර විෂ සහිත සර්පයකු වන මේ නයාගේ විශේෂත්වය වන්නේ ඇළි බව නොහොත් ‘ඇල්බිනෝ’ තත්ත්වයයි. පැහැදිලි ලෙස හඳුනාගත හැක්කේ සාමාන්‍යයෙන් වාර්තා වන නයන්ගේ ඇස් කළු පැහැති වන නමුත් මේ ඇල්බිනෝ හෙවත් ජානමය විකෘති වීම හේතුවෙන් මේ සතුන්ගේ ඇස් රෝස පාට හෝ රතු පැහැති වර්ණයක් ගැනීමයි. මෙවැනි සතුන් හමු වන්නේ අතිශය කලාතුරකින් වන බැවින් මෙවැනි දුර්ලභ සතුන් ආරක්ෂා කරගැනීමට දායකත්වය දෙන මෙන් සත්ත්වවේදීහු ඉල්ලා සිටිති.
රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT