Monday, May 12, 2025
Home » විශ්ව සාම සම්මේලනයේ සභාපති කටුනායකදී පිළිගනී

විශ්ව සාම සම්මේලනයේ සභාපති කටුනායකදී පිළිගනී

by sachintha
December 6, 2023 1:00 am 0 comment

 

ආසියා පැසිෆික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජාත්‍යන්තර සමුළුව අද

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන විශේෂ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීමට මෙරටට පැමිණි විශ්ව සාම සම්මේලනයේ සභාපති චෑන්ග් යැංග් මහතා ඇතුළු දූත පිරිස, සාමය සඳහා වූ ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ (ආසියා පැසිෆික් ) සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබීය.‍

මේ විශේෂ ජාත්‍යන්තර සමුළුව අද (06) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1හිදී පැවැත්වීමට නියමිතය. උත්සවයේ මූලාසනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හොබවයි. ආසියා පැසිෆික් කලාපයේ සාමය සඳහා වූ ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ (ISCP) සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් මේ සමුළුව පැවැත්වේ.

මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ විශ්ව සාම සම්මේලනය (UPF) සහ එහි අනුබද්ධ සංවිධාන වන සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලය (ISCP) සහ සාමය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය (IAPP) එක්ව සංවිධාන කරයි.

විශ්ව සාම සම්මේලනයේ සභාපති, චෑන්ග් යැංග්, අන්තර්ජාතික පාර්ලිමේන්තු සභිකයන්ගේ සාම සංවිධානයේ සභාපති,ඒක් නාත් ඩකාල්, ආසියා පැසිෆික් සහ මසායිච් හොරී සභාපති විශ්ව සාම සම්මේලනය ආසියා පැසිෆික් කලාපය සහ මැලේසියාව, නේපාලය, ඉන්දියාව, ජපානය, බංග්ලාදේශය සහ පිලිපීනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මේ සමුළුවට ජාත්‍යන්තර නියෝජිතයන් ලෙස සහභාගි වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT