බර කිලෝ 22යි
කැරට් අගය එක්ලක්ෂ දසදහසක්
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පතලකින් විශාල කැරට් අගයකින් මෙන්ම ඉහළ කෞතුක වටිනාකමකින් යුතු මිල කළ නොහැකි පළිඟු මැණිකක් හමු වී තිබේ.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පතලකින් පසුගියදා හමුවූ මෙම විශාල ප්‍රමාණයේ පළිඟු මැණික කිලෝ විසි දෙකක බරින් යුක්තය. මැණික පරීක්ෂා කළ, මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ මෙම මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් වන බවයි. මෙම පළිඟු මැණික අනෙක් පළිඟු මැණික්වලට වඩා දුර්ලභ වන්නේ එහි අභ්‍යන්තරයේ දිය බුබුළක් පිහිටා තිබීම හේතුවෙනි. මෙය දුර්ලභ ගණයේ පාෂාණයක් වන බැවින් එහි කෞතුක වටිනාකම ඉහළ අගයක් ගන්නා බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරයි. පළිඟු මැණිකෙහි මූල්‍යමය වටිනාකම තවමත් ගණනය කරමින් සිටින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරයි.
එම මැණිකෙහි හිමිකරු විසින් පසුගියදා (03) මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී තිබිණි. එහි ආරක්ෂාව තහවුරු කිරීම හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම එහි අපේක්ෂාවයි.
ජයසිරි මුණසිංහ