පොලිස් අධිකාරිවරු දාහත්දෙනකු වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කර තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම පත්වීම් සිදු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් අනුමත කර ඇති එම පත් කිරීම් 17ට අදාළ පොලිස් නිවේදනය වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අත්සනින් පෙරේදා (04) නිකුත් කර ඇත.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ වැඩ බැලීමට පත් කර ඇති පොලිස් අධිකාරිවරුන් මෙසේය.
එම්.එම්. කුමාරසිංහ (කුලියාපිටිය), ඩබ්ලිව්.එච්.එම්. බණ්ඩාර (ප්‍රජා පොලිස්), ඩබ්ලිව්.එම්.එස්. වීරසේකර (රාජ්‍ය බුද්ධි සේවාව), එන්.ඩබ්ලිව්. සේනානායක (බස්නාහිර පළාත් ප්‍රජා පොලිස්), ඩී.ජී. වික්‍රමආරච්චි (රාජ්‍ය බුද්ධි සේවාව), යූ.පී. සෙනෙවිරත්න (කිලිනොච්චිය), චන්ද්‍රසේන බණ්ඩා (කුරුණෑගල), අයි.ජී. චන්ද්‍රසේන (මාතර), අයි.ජී.ජේ.එම්. දේවප්‍රිය (ප්‍රවාහන), එල්.ඒ.ඒ. විජේසිංහ (රාජ්‍ය බුද්ධි සේවාව), ඩබ්ලිව්.කේ.ඒ.ජේ.ඊ. රංජිත් (ඇමැති ආරක්ෂක), ඩී.කේ.එම්.පී. පෙරේරා (පරිසර ආරක්ෂණ), ඩී.ඩී.පී. වීරසිංහ (නිකවැරටිය), ඒ.ඒ.ආර්.පී. අමරසිංහ (ගම්පොළ), අජිත් ප්‍රියන්ත (ජනාධිපති ආරක්ෂක), එච්.ජී.ඩී.එස්. අමරසිංහ (ගාල්ල), එන්.ආර්.එච්.පී. ගුණසේකර (දේපොළ කළමනාකරණ).
මෙම පත්වීම් සිදු කර ඇත්තේ මේ වන විට පුරප්පාඩුව ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුර සඳහාය. වැඩ බලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති පොලිස් පණිවුඩයට අනුව දැක්වෙන්නේ මෙම පත් කිරීම් කර ඇත්තේ ස්ථීර තනතුරට නිලධාරියකු පත් කරන තුරු බවය. එසේම මෙම වැඩ බලන පත් කිරීම 2024 වසරේ නොවැම්බර් 22 වැනිදා දක්වා බල පැවැත්වෙන බව ද එහි සඳහන්ය.
ගයාන් කුමාර වීරසිංහ
165