Home » ආරක්ෂකයකුට පහර දීම කැලණි සරසවි සිසුන් 4කගේ පන්ති තහනම්

ආරක්ෂකයකුට පහර දීම කැලණි සරසවි සිසුන් 4කගේ පන්ති තහනම්

by sachintha
December 6, 2023 12:54 am 0 comment

 

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයන් 04 දෙනකුගේ පන්ති තහනම් කිරීමට පාලනාධිකාරිය පියවර ගත්තේය.

පෙරේදා (04) රාත්‍රියේදී පැවැති උද්ඝෝෂණයක් අතරතුරදී මෙම පියවර ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කමිටුවක් පත් කර තිබෙන බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පැවසුවාය.

එමෙන්ම ආරක්ෂක අංශ නිලධාරියකුට පහර දීමට අදාළ සිදුවීමට සම්බන්ධ සිසුන් පිළිබඳ විශ්වවිද්‍යාල මට්ටමින් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ඇය කියා සිටියාය.

මෙම පහර දීමේ සිද්ධිය මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලමින් ඊයේ (5) දවස පුරා වැඩ වර්ජනයක නිරත විණි. එමෙන්ම සිද්ධියට මුහුණපෑ ආරක්ෂක නිලධාරීන් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක කර තිබේ. මේ අතර පෙරේදා (04) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය පීඨය සහ තාක්ෂණ හා පරිගණක පීඨය හැර අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට ද පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.

නදීෂානි සඳුනි කුමාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT