වතුකරයේ ජනතාවට ස්ථීර තැපැල් ලිපිනයක් ලබා දීමේ වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට උපදෙස් දී තිබේ.
වතුකරයේ ජනතාව සමාන අයිතිවාසිකම් ඇති පුරවැසියන් බවට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මේ වැඩපිළිවෙළ ඒ අනුව කඩිනමින් ක්‍රියාවට නැංවෙනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේය. වසර 200කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ වෙසෙමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා උර දෙමින් සිටින වතුකරයේ දෙමළ ජනතාවට තැපැල් ලිපිනයක් ලබා දීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් ඉටු කිරීමක් බව සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.
157