රත්මලාන, වෙඩිකන්ද , විහාර මාවත 31 වත්ත අසල වෙරළ තීරයට (06) වන දින අභිරහස් ලෙස මිය ගිය විශාල ප්රමාණයේ කැස්බෑ සිරුරු තුනක් ප්රදේශවාසීන්ගේ දැනුම්දීම මත සොයාගනු ලැබ ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අඩවිවන ආරක්ෂක සමන් ලියනගේ මහතා පැවසීය.
මෙවර කැස්බෑවුන් බිත්තර දැමීම සදහා වැඩි වශයෙන් වෙරළට පැමිණෙන වාරය පසුගිය සතියේ සිට ආරම්භවී ඇති බැවින් මෙම කිලෝ 50,40,30,ආධි විශාල බරක් සහිත කැස්බෑවුන් බිත්තර දැමීම සදහා ගොඩ දෙසට පැමිණෙමින් සිටියදී ගැඹුරු මුහුදේදී අභිරහස් ලෙස මියගොස් දින කීපයකට පසු වෙරළට ගොඩ ගසන්න ඇතැයි සැකකරන බවත් සමන් ලියනගේ මහතා පැවසීය.
මේ අනුව මෙම සිරුරු තුන ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබාදෙන තීන්දුවට අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා බෙල්ලන්විල අත්තිඩිය වනජීවී සංරක්ෂණ කාර්යාලයට අයත් ශීත ගබඩාවල තැන්පත් කිරීමටද නියමිත බවත් ඒ මහතා පැවසීය .
මෙම අවස්ථාවට බෙල්ලන්විල අත්තිඩිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි සහකාර ආර්.එම්.ඩබ්. ඊ.රත්නායක , අඩවි සහකාර යූ.ජේ.සේනාරත්න , අඩවි සහකාර සුගත් සේනාධීර , ගල්කිස්ස පොලිස් පරිසර ඒකකය ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපුල් මහතා , වෙරළාරක්ෂක නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගිවී සිටියහ .