Saturday, May 10, 2025
Home » පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

-මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන

by sachintha
December 6, 2023 1:00 am 0 comment

පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාxදයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

තවදුරටත් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලින් පසුව මවුපියන් මෙන්ම දරුවන්ද දැඩි පීඩනයකට පත් වෙනවා. පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවන්ට ලිවිය නොහැකි තත්ත්වයේ ප්‍රශ්න පවා ඇතුළත් වෙනවා.

ලෝකයේ දියුණු රටවල තිබුණු ආකාරයට පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතුයි. මා ජනාධිපති සමයේදීත් ඊට උත්සාහ කළා. බොහෝ දියුණු රටවල අට වසර දක්වා වාර විභාගයක් වත් නෑ. දරුවන්ට වගේම මාපියන්ටත් පහේ ශිෂ්‍යත්ව විභාගය විශාල බරක්.

අධ්‍යාපනයේ පවතින විෂමතාව ඉවත් කිරීමට ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව තිබෙනවා. දැන් පවතින ගුරු හිඟය අවම කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලින් පසු දරුවන් ආවේ අඬ අඬා . ඒ තරම් විභාගය අමාරුයි කියලයි කිව්වේ. මේ විභාගය අහෝසි කළ යුතුයි. ලෝකයේ බොහෝ රටවල අට වසරට එනතෙක් වාර විභාගයක්වත් නැහැ. ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වූ දරුවෙක් පසුගිය දා සියදිවි නසාගත්තා. මවුපියන්ට වගේම දරුවන්ටත් මේ විභාගය විශාල බරක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT