වෛද්‍ය පීඨ වැඩි වශයෙන් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.
වෛද්‍යවරුන් වැඩි වශයෙන් රට හැර යන මෙවන් අවස්ථාවක වෛද්‍ය පීඨ ආරම්භ වීම අතිශය වැදගත්.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 1991 නොවැම්බර් තමයි සබරගමුව විශ්වවිද්‍යාලය පටන් ගත්තේ. ඒ පටන් ගත් අවස්ථාවේ ඒ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය රත්නපුර මහ රෝහල ආශ්‍රිතව ඇති කරන්න නගරයේ අක්කර විස්සක ඉඩකඩක් දුන්නා. මහ රෝහල ශික්ෂණ රෝහල බවටත් පත් කළා. නමුත් 2017 වෙනකම් මෙම වෛද්‍ය පීඨය ආරම්භ කරන්න කිසිම ආණ්ඩුවට පුළුවන්කමක් වුණේ නෑ. මම ඒ වේලාවේ සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපති උඩවත්ත මැතිතුමාගේ ඉල්ලීමකට අනුව හිටපු අගමැතිතුමත් සම්බන්ධ කරගෙන එතුමාට මේ කාරණාව ඉදිරිපත් කරලා උසස් අධ්‍යාපන ඇමැති හැටියට හිටපු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ මැදිහත් වීමෙන් සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන්න හැකි වුණා.
222
කලින් පුවත