Saturday, May 10, 2025
Home » ජාතික පාසල් තුන්සිය අනූනවයෙන් දෙසීයකම උසස් පෙළ දක්වා ඇත්තේ කලා විෂය ධාරාව පමණයි

ජාතික පාසල් තුන්සිය අනූනවයෙන් දෙසීයකම උසස් පෙළ දක්වා ඇත්තේ කලා විෂය ධාරාව පමණයි

- මන්ත්‍රී එස්.බී. දිසානායක

by sachintha
December 6, 2023 1:00 am 0 comment

ජාතික පාසල් තුන්සිය අනූනවයෙන් පාසල් දෙසීයකම උසස් පෙළ සඳහා ඇත්තේ කලා විෂය ධාරාව පමණක් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.
එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශ පිළිබඳ වැය ශීර්ෂය විවාදයට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා මෙසේද පැවසීය.
එමෙන්ම ප්‍රධාන පෙළේ ජාතික පාසල් හැටෙන් පවා පාසල් තිස් ගණනකම සියලු පහසුකම් නැහැ. මෙම තත්ත්වය වෙනස් කිරීමට පියවර ගත යුතුයි.
වසරකට ශ්‍රී ලාංකික දරුවන් අටදහසත් දසදහසත් අතර පිරිසක් උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වීම වැළැක්වීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩි වශයෙන් ආරම්භ කළ යුතුයි.
ජාතික පාසල් තුන්සිය අනූ නවයෙන් දෙසීයක ම උසස් පෙළ කලා විෂය ධාරාව හැර වෙනත් විෂය ධාරා නැහැ. ඒ වගේම ප්‍රධාන පෙළේ ජාතික පාසල් හැටෙන් පවා තිස් ගණනකම සියලු පහසුකම් නැහැ. පසුගිය වසර පුරාවට අපි බැලුවොත් කිසිම වසරක දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට එකක් වැය කරලා නැහැ. විශ්වවිද්‍යාල දරුවෝ අටදහසත් දසදහසත් අතර ප්‍රමාණයක් විදේශගත වෙනවා. නීත්‍යනුකූල නොවන ආකාරයට මේ රටේ මුදල් ඒ අය විදේශවලට ගෙන යනවා. මේ තත්ත්වය මඟහැරීමට නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළ යුතුයි. විදේශ විනිමය ලබා ගැනීමට හොඳම ක්‍රියාමාර්ගය තමයි උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීම. රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කරනවා හා සමානව විදෙස් දරුවන් ඉලක්ක කර ගනිමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි. ඉන්දියාව චීනය වැනි රටවල දරුවන් ලංකාවට එන්න කැමතියි. පසුගිය වසරේ සප්ත වාර්ෂික නිවාඩු ලැබූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදෙස්ගත වෙලා තියෙන්නෙ හත් දෙනයි. අනික් සියලු දෙනා ඉන්නේ ලංකාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT