ඉන්දීය රජයේ ආධාර මත වතුකරයේ පාසල් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති ලබන වසරේදී ආරම්භ කරන බව අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කෙළේය.
අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් රාජ්‍ය ඇමැති මෙසේද පැවසීය.
අනෙකුත් පාසල්වලට ඇති සියලු පහසුකම් කිසිදු භේදයකින් තොරව කඳුකර පාසල්වලටද හිමිවිය යුතුය යන ස්ථාවරයේ මා සිටිනවා. ඒ පිළිබඳව මා දැඩි අවධානය යොමු කරනවා.
කඳුකර දිස්ත්‍රික් පාසල්වල දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබා දීමට පියවර ගන්නවා.
ඉන්දීය රජයේ මුල්‍ය ආධාර මත කඳුකර පාසල්වල මූලික අවශ්‍යතා සපුරාලීමේ වැඩසටහනක් ඉදිරි වසරේ දී ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.
කඳුකර පාසල් සඳහා ගුරුවරුන් පත් කර උපාධිධාරීන් පත් කිරීමට කටයුතු කරනවා. එමඟින් එම ප්‍රදේශවලින් තවත් ගුරුවරුන් බිහි වේ. එමෙන්ම ගුරු සහායකයින් 2500ක් එහි පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. බොහෝ විට එය ලබන වසරේ සිදු වනවා. විශේෂයෙන්ම පාසල්වල දියුණුව සඳහා ලබන වසරේ ඉන්දීය රජයෙන් මුල්‍ය ආධාර ලැබෙනවා. පානීය ජලය ඇතුළු මූලික පහසුකම් ලබාදීමට එම මුදල් යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව උද්‍යාන යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම පරිගණක, ලැප් පරිගණක, ඡායා පිටපත් යන්ත‍්‍ර ඇතුළු උපකරණ ලබාදීමේ වැඩ සැලසුම් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගෙන ඇත. එමඟින් යහපත් අනාගත සමාජයක් ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම එහි නිර්මාණය වෙනවා.