Home » අයහපත් කාලගු ණයෙන් මුලතිව් පාසල් 11ක් කලින් වැසෙයි

අයහපත් කාලගු ණයෙන් මුලතිව් පාසල් 11ක් කලින් වැසෙයි

by sachintha
December 6, 2023 1:00 am 0 comment

අධික වර්ෂාව නිසා මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්බද පාසල් 11ක අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි වීම නිසා එම පාසල් පෙරේදා (4) වේලාසනින් හමාර කොට සිසුන් නිවෙස්වලට යැවීමට විදුහල්පතිවරු පියවර ගෙන තිබුණි. අධික වර්ෂාව නිසා පාසල්වල පන්ති කාමරවලට ජලය ගලාගෙන ඒම හා මහා මාර්ගවල සිසුන්ට ගමන් කිරීමට ඇති අවදානම මත මෙම තීරණය ගෙන තිබුණි. අධික සුළං සහිත කාලගුණය නිසා මාර්ගය දෙපස ඇති විශාල ගස් ඉදිරී වැටී සිසුන්ට යම් අනතුරක් සිදුවේ යැයි යන බිය මත එම පාසල් වේලාසනින් හමාර කොට තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරේ පාසල්වලට ඊයේ (5) ගුරුවරුන් හා සිසුන් විශාල පිරිසක් පැමිණ නොසිටි බවද ඒ ඒ පළාත්වල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු විසින් වාර්තා කොට තිබේ. අධික වර්ෂාව නිසා සිසුන්ගේ පාසල් නිල ඇඳුම් හා සපත්තු තෙමීමද ඔවුන්ගේ නිවාස ජලයෙන් යටවීමද නිසා සිසුන්ට පාසල් ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. පාරවල් ජලයෙන් යට වී තිබීමද උතුරේ පාසල් සිසුන්ගෙන් 72% ත් 80% ත් අතර ප්‍රමාණයක් පාසල් පැමිණීම සඳහා භාවිත කරනු ලබන්නේ පාපැදි වීම නිසා ඔවුන්ට වර්ෂාව මධ්‍යයේ පාපැදිවලින් පාසල් ඒමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වී තිබේ. දින පහක් තිස්සේ උතුරු පළාතට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව තවමත් හමාර වී නොමැති නිසා පාසල්වලට පැමිණෙන ගුරුවරුන්ගේ හා සිසුන්ගේ සංඛ්‍යාව බෙහෙවින් පහත වැටී ඇත.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT