බිරිය මරුට සැමියා අත්අඩංගුවට
අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් සැමියා විසින් බිරියට පොල්ලකින් හිසට පහර දී බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාව පෙරේදා (04) අලුයම මිය ගොස් ඇතැයි
මාවනැල්ල පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාවනැල්ල පොලිස් වසමේ වැලිගල්ලේ පදිංචිව සිටි 31 හැවිරිදි ඉන්ද්‍රජෝතිගේ මහේෂිකා ධනංජනී සේනාධීර නමැති දෙදරු මවකි.
මිය ගොස් ඇති කාන්තාව මාවනැල්ල කෝන්දෙණිය ප්‍රදේශයේ උපත ලබා ඇති බවත් පසුව මාවනැල්ල වැලිගල්ල ප්‍රදේශයේ තරුණයෙක් සමඟ ඇති කර ගෙන තිබුණු ප්‍රේම සම්බන්ධතාවකින් පසුව තරුණයා ඔහුගේ වැලිගල්ලේ නිෙවසට 2008 වර්ෂයේ කැන්දාගෙන ගොස් තිබේ. මිය ගොස් ඇති කාන්තාවට වැඩිමහල් සහෝදරයෙක් සිට ඇති අතර, ඔහු ද කලකට ඉහතදී මිය ගොස් තිබේ.
ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා පසුව මත්ද්‍රව්‍ය පානය කිරීමට හුරුව තිබේ. ඔවුන් දෙදෙනාට අවුරුදු 13ක පිරිමි දරුවෙක් හා අවුරුදු 07ක දියණියක් සිටින බවත් පොලිසිය පැවසීය. සැකකරු බිරියට හා දරු දෙදෙනාට නොසලකා හැර ඇති අතර, දැඩි අපහසුතා මධ්‍යයේ ජීවිතක්ෂයට පත්ව ඇති කාන්තාව හා දරු දෙදෙනා ජීවත් සිට ඇති බවත් පොලිසිය පවසයි.
නිවසේ පවතින අගහිඟකම් දුරු කර ගැනීමටත් දරු දෙදෙනාට උගන්වා ගැනීමේ මූලික අරමුණිනුත් කාන්තාව විදේශ රටක (කුවේට් රාජ්‍යයේ) රැකියාවකට යාමට සූදානම් වී ඇති බවත් පවසන පොලිසිය වයස අවුරුදු 13ක පිරිමි දරුවා සැමියාට දී වයස අවුරුදු 07ක දියණිය කෝන්දෙණියේ පදිංචිව සිටින මවුපියන් හට දී රත්නපුර නගරයේ පැවැති ගෘහ සේවිකා පුහුණු පාඨමාලාවකට ඉකුත් ඔක්තෝබර් 30 වැනිදා කාන්තාව ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. නොවැම්බර් 27 වැනිදා ගෘහ සේවිකා පාඨමාලාව අවසන් කර ඇති දෙදරු මව පසුව ඇගේ සැමියා රත්නපුරයට ගොස් බිරිය ගෙන එදින රාත්‍රි හිතවතෙකුගේ නිෙවසක නතර වී 28 වැනිදා පෙරවරුවේ යළි දෙදෙනා වැලිගල්ලේ නිෙවසට පැමිණ තිබේ. එම අවස්ථාවේ දී නිෙවසේ සිට ඇත්තේ වයස අවුරුදු 13ක පිරිමි දරුවා පමණි. එම අවස්ථාවේ දී කාන්තාවගේ සැමියා පිරිමි දරුවා ඉදිරිපිට දී පොල්ලකින් හිසට පහර දී තිබේ. පසුව සැකකරුගේ මවුපියන් හා අසල්වැසියන් විසින් තුවාලකාරිය මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මාවනැල්ල මූලික රෝහලෙන් මහනුවර මහ රෝහලට මාරු කර යවා ශල්‍යකර්මයක් සිදු කර යළි එදිනම මාවනැල්ල මූලික රෝහලට මාරු කර එවා මාවනැල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී කාන්තාව පෙරේදා (04) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබුණි.
පසුව දේහය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය මාවනැල්ල අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මාවනැල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත විජේකෝන් මහතා මාවනැල්ල රෝහලට ගොස් විමර්ශන කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාව සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කෙරිණ. පසුව දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පෙරේදා (04) අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇත.
මෙම ඝාතනය සිදු කොට ඇත්තේ මොට ආයුධයකින් හිසට පහර දීමෙන් බවත් මොළයට සිදුව තිබුණු බරපතල හානි නිසා මරණය සිදුව ඇති බවත් කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගයාන් කුමාරසිංහ මහතා ඊයේ (05) වැනිදා තීන්දු කළේය.
පසුව මරණය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (04) කරුණු වාර්තා කෙරිණ. පසුව මාවනැල්ල වැඩ බලන මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රියන්ත විජේකෝන් මහතා දේහය තැන්පත් කර තිබුණු මාවනැල්ල රෝහලට ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වෛද්‍ය වාර්තාව සමග සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් දේහය පියාට භාර දෙන ලෙසත් මාවනැල්ල පොලිසියට නියෝග කෙරිණ.
දේහය පොලිසිය විසින් දෙදරු මවගේ පියා වන 69 හැවිරිදි ඉන්ද්‍රජෝතිගේ බ්‍රහ්මතාර මහතාට මුදා හැරිණ. ඝාතනයට ලක්ව තිබුණු දෙදරු මවගේ සැකකාර සැමියා පෙරේදා 04 වැනිදා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර සැකකරු ඊයේ (05) වැනිදා මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ඝාතනයට ලක්ව ඇති කාන්තාව සිය සැකකාර සැමියාගේ හොඳම මිතුරා සමඟ අනියම් සම්බන්ධතාවක් මසක පමණ කාලයක සිට පවත්වාගෙන ගිය බවට පියාගේ ප්‍රකාශයෙන් හෙළි වූ බව පොලිසිය පවසයි.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්