බළන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ පින්නවල බොල්තුඹේ ප්‍රදේශයේදී ලංගම බස් රථයක ටයරයකට කොන්ක්‍රීට් ඇණ තැබීම නිසා එම බස් රථය අතරමඟ නැවතීමෙන් මගීන් අපහසුතාවට පත් වූ අතර ප්‍රදේශයේ පුද්ගලික බස් රථ සේවකයින් විසින් මෙලෙස ඇණ තබන්නට ඇතැයි සැක කෙරේ. පෙරේදා (04) උදෑසන බළන්ගොඩ සිට තෝරවෙල කන්දට ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයට ඇණ තැබීම ගැන පින්නවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම මාර්ගයේ ධාවනය කෙරෙන වෙනත් බස් රථවල සේවකයින් මෙම ලංගම බසයට ඇණ තැබුවේ දැයි සැක මතුවී ඇතැයි බළන්ගොඩ ලංගම ඩිපෝවේ නිලධාරියෙකු පැවසිය.
මෙයට පෙරදීත් මෙවැනි සිදුවීමක් වාර්තා වූ නිසා ඒ ගැන පින්නවල පොලිසියටද ලංගම සේවකයින් පැමිණිලි කර තිබුණි. ඇණ කිහිපයක් රෝදයට හසුවීමෙන් බසයේ රෝදයක සුළං සම්පූර්ණයෙන්ම බැස කාර්මික දෝෂයකට ලක්ව තිබේ. බස් රථය නතරවූ තැන සිට තෝරවෙල කන්දට කිලෝමීටර් 15ක දුරක් ගමන් කළ යුතුව ඇති බවත් උදෑසන පාසල්වලට යන ගුරුවරුන් සහ සිසුන්ට මේ නිසා ආපසු හැරී යෑමට සිදු වූ බව බසයේ සිටි මගීන් පැවසූහ.
කහවත්ත – නිරෝෂණ පෙරේරා