Home » කාබනික ගොවි අස්වැන්නෙන් දිවුල්පතාන ගොවියන්ගේ අත මිට සරු වේ

කාබනික ගොවි අස්වැන්නෙන් දිවුල්පතාන ගොවියන්ගේ අත මිට සරු වේ

by sachintha
December 6, 2023 1:00 am 0 comment

 

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමඟ විශාල සටනක් සිදු කරමින් මහත් අභියෝග මැද මඩකලපුව පොලොන්නරුව දිස්ත්‍රික්කවලට මායිම්ව දිඹුලාගල දිවුල්පතාන ප්‍රදේශයේ අක්කර එක්දහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක කාබනික පොහොර මගින් හා වැසි දියෙන් විවිධ බෝග වර්ග වගා කරමින් තමන්ට විශාල අස්වැන්නක් මෙවර ලබාගැනීමට හැකි වූ බව දිඹුලපතාන පාරම්පරික හේන් ගොවීන් සඳහන් කළහ.

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් තම පාරම්පරික ඉඩම් මෙන්ම හේන් ගොවිතැන රැක ගැනීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මෙන්ම ආරක්ෂක අංශ සහ රජය සමඟ විශාල සටනක් සිදු කිරීමෙන් ලබාගත් ජයග්‍රහණයක ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ විවිධ බෝග වර්ග වගා කරමින් තමන්ගේ ආර්ථිකය වැඩිදියුණු කරගන්නවා සේම රටේ ජාතික නිෂ්පාදනයට එළවළු මෙන්ම පලතුරු වර්ග අනිකුත් භෝග වගාවන් ලබා දීමට සමත් වී ඇති බවද දිවුලපතාන ගම්වාසීන් සඳහන් කරති.

වී, බඩඉරිඟු, මුං, කව්පි, රටකජු, කුරහන්, ඇතුළු, එළවළු මෙන්ම දේශීය වී වර්ග මෙවර වර්ෂා දියෙන් වගා කරමින් රටට විශාල අස්වැන්නක් ලබා දීමට තමන්ට හැකියාව ලැබුණේ අම්පිටියේ සුමනරතන නාහිමියන් ගෙන ගිය විශාල සටන නිසා බවද ඔවුන් සඳහන් කළහ.

දිවුලපතාන ප්‍රදේශයේ ගොවි පවුල් පන්සිය පනහකට ආසන්න සංඛ්‍යාවක් කාබනික පොහොර හා අහස් දියෙන් මෙවර එළවළු, පලතුරු, ඇතුළු ධාන්‍ය වර්ග විශාල වශයෙන් වගා කර ඇති අතර ඒවායේ අස්වනු මේ වනවිට නෙලමින් පවතින අතර ඉදිරි දිනවල ඉතා මිලට තම ප්‍රදේශයෙන් පලතුරු එළවළු ඇතුළු ධාන්‍ය වර්ගත් වී මෙන්ම අනෙකුත් ඖෂධ වර්ග රටට ලබාදීමට හැකියාව ඇති බව මාදුරුඔය දකුණු සුරැකීමේ සංවිධානයේ සංවිධායක චන්දන ජයසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මෙන්ම රජයේ ඇතම් නිලධාරීන් මෙන්ම මඩකලපුවේ ඇතැම් අන්තවාදී දේශපාලකයින් සමග විශාල සටනක් සිදු කිරීමෙන් පසු බාධක අවහිරතා මැද තම හේන් ගොවීන්ගේ අරමුණ ඉටුකර ගනිමින් රටට විශාල වශයෙන් එළවළු පලතුරු මෙන්ම වී අස්වැන්නක් ලබාදීමට හැකිවීම පිළිබඳව හේන් ගොවින්ගේ ගෞරවණීය ස්තූතිය අම්පිටියේ සුමනරතන නාහිමියන්ට පිරිනමන බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන තම ගොවීන්ගේ හේන් වගාව තවදුරටත් සංවර්ධනය කර ගැනීමට රජයේ අවධානය යොමු කරන ලෙසද චන්දන ජයසිංහ මහතා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

සිරිපුර මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT