සිසුන් දෙදහකට එකවර අධ්‍යාපන පහසුකම් සැලසෙන නාවලපිටිය නව උසස් තාක්ෂණ ආයතනය සිසු අයිතියට පැවරේ. රුපියල් මිලියන 650ක වියදමින් ඉදි වූ මෙම උසස් තාක්ෂණ ආයතනය පසුගියදා සිසු අයිතියට පවරා දෙනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනි.
හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීමකට අනුව ඉදිවූ මෙම නව උසස් තාක්ෂණ ආයතනය තුළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක දරුවන්ට අධ්‍යාපනය ලැබිය හැකිය. මෙම උසස් තාක්ෂණ ආයතනය තුළ සංචාරක හා සත්කාරක කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, කෘෂි තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව සහ දෙමළ භාෂාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා ඇතුළු තවත් විෂයන් ගණනාවක් හැදෑරීමට තරුණ, තරුණියන්ට අවස්ථාව සැලසේ.
උසස් තාක්ෂණ ආයතනය සිසු අයිතියට පැවරූ අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ යන මහත්වරුන් ඇතුළු තවත් කිහිපදෙනෙකුම එක්ව සිටියහ.
මධ්‍යම පළාත් සමූහ නිහාල් ජයවර්ධන