දිවයිනේ ඩෙංගු රෝගීන්ගේ විශාල වර්ධනයක් දක්නට ලැබෙන බැවින් එය පාලනය කිරීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් මාතලේ මහ නගර සභාව විසින් ආරම්භ කර තිබේ.
ඒ අනුව මහජනතාව දැනුම්වත් කිරීමේ වීදි නාට්‍ය මාලාවක් නගරය තුළ මහජනතාව ගැවසෙන ස්ථානයන් හි ප්‍රදර්ශනය කිරීම සිදු කෙරුණු අතර පාසල් සිසුන් දැනුම්වත් කිරීම සඳහා චිත්‍ර තරග හා ප්‍රදර්ශනයක් පවත්වා ඔවුන් මේ අවදානම පිළිබඳව දැනුම්වත් කිරීමට ද පියවර ගෙන ඇත.
මෙම වැඩසටහන මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මායාදුන්නගේ මහතාගේ අදහසකට අනුව නගර සභා සෞඛ්‍ය අංශය මඟින් ක්‍රියාත්මක කර තිබේ. මෙම අවස්ථාවට මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මිය, මාතලේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක් වූහ.
මාතලේ මධ්‍යම සමූහ සිරි අබේසිරි සහ උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන