Saturday, May 10, 2025
Home » හිවින් දිල්මිත් ලෝක ස්ක්‍රැබල් කිරුළ දිනයි

හිවින් දිල්මිත් ලෝක ස්ක්‍රැබල් කිරුළ දිනයි

by sachintha
December 6, 2023 1:00 am 0 comment

රටවල් 17ක ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 142කගේ සහභාගිත්වය ඇතිව පෙරේදා (3) තායිලන්තයේදී නිමා වූ ලෝක යොවුන් ස්ක්‍රැබල් තරගාවලියේ කේවල ශූරයා ලෙස කිරුළු පැලඳීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත් සමත්විය.
ශ්‍රී ලංකා යූත් ස්ක්‍රැබල් කණ්ඩායම ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාවලියේ ‘හොඳම කණ්ඩායම’ ලෙස පිට පිට දෙවැනි වරටත් ශූරතාව දිනා ගැනීමට සමත් විය. කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ අධීෂ දිසානායක දෙවැනි ස්ථානය, කොළඹ රාජකීය විද්‍යාලයේ කවිඳු මලවරආරච්චි තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.
මේ තරගාවලියට රටවල් 17ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 142ක් සහභාගි වූහ.

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT