Home » පළමු වරට යොවුන් ලෝක ස්ක්‍රැබල් ශූරතාව ලංකාවට

පළමු වරට යොවුන් ලෝක ස්ක්‍රැබල් ශූරතාව ලංකාවට

by yasara
December 6, 2023 9:37 am 0 comment

තායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් ( Scrabble ) තරගාවලියේ දී ලෝකයේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ( Best Team ) පත් කරමින් , එම තරගාවලියේ ශූරතාවය සහ අනු ශූරතාවය දිනා ගත් ක්‍රීඩකයින් දෙදෙනා ඊයේ 5  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය ඉකුත් දෙසැම්බර් 01 වනදා සිට 03 වනදා දක්වා  තායිලන්තයේ ට්‍රැඩ් නුවර ලෝකයේ රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 142 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

එහිදී මෙම තරගාවලියේ දී ලෝක ශූරතාවය ගාල්ල මහින්ද විද්‍යාලයේ 16 හැවිරිදි හිවින් දිල්මිත් ( Hivin Dilmith ) ක්‍රීඩකයා දිනා ගැනීමට සමත් වී තිබුණි .

එසේම මෙම තරගාවලියේ අනු ශූරතාවය බත්තරමුල්ල ගේට්වේ පාසැලේ අදීශ දිසානායක ක්‍රීඩකයා දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම තරගාවලියේ තුන් වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ කවිදු මළවරආරච්චි ක්‍රීඩකයා විසින් දිනා ගෙන තිබුණි .

මෙම තරගාවලියේ පළමු , දෙවන සහ තෙවන ස්ථාන ශ්‍රී ලංකාවට හිමි වීමත් සමග ප්‍රථම වතාවට  ශ්‍රී ලංකාව මෙම යොවුන් ලෝක ස්ක්‍රැබල් ශූරතා තරගාවලියේ ලෝකයේ දක්ෂතම රට බවට පත් වී තිබේ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT