Home » එමීර් රාජ්‍යයේ ‘වෙරළේ රජු’ වූ ඉංගිරියේ දසුන් තාරක

එමීර් රාජ්‍යයේ ‘වෙරළේ රජු’ වූ ඉංගිරියේ දසුන් තාරක

by sachintha
December 6, 2023 12:56 am 0 comment


එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ මහත් අභිමානයෙන් සලකනු ලබන, එරට තුළ පුද්ගලයකුගේ ජීවිතයේ එක් වරක් පමණක් දිනාගත හැකි ‘කිං ඔෆ් ද බීච්’ (King of the Beach) ගෞරව සන්නාමය හිමි කරගැනීමට ඉංගිරිය ප්‍රදේශයේ තරුණයකු සමත් වී තිබේ.
ඩුබායිහි බිම් මජීච් හෝටල් ජාලය (BM Hotels & Resorts) මඟින් සංවිධානය කර තිබූ තරගාවලියකදී ඉංගිරියේ දසුන් තාරක මේ ජයග්‍රහණය හිමි කරගෙන ඇති අතර, ඔහු එරට ජීවිතාරක්ෂක නිලධාරියකු වශයෙන් රැකියාවේ යෙදී සිටී.
පාණදුර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සාමාජිකයකු වූ දසුන් තාරක, එහි ස්ථානාධිපති (උ.පො.ප) නිමල්සිරි මහතා යටතේ පුහුණුව ලබා ඩුබායිහි ජීවිතාරක්ෂක නිලධාරියකු ලෙස සේවයට බැඳී ඇති අතර, එරට වෙරළාශ්‍රිත හෝටල් ජාලයක් වන බී.එම්. හෝටල් පරිශ්‍රයෙහි මේ වනවිට සේවය කරයි.
දියඹට ගසාගෙන යන පුද්ගලයකු ඉන් ගලවාගෙන වෙරළට රැගෙන ඒම, ප්‍රථමාධාර සලසා ඔහුගේ ජීවිතය සුරක්ෂිත කිරීම, වෙරළාශ්‍රිත දුර දිවීමේ තරග, පිහිනුම් ඉසවු ආදි අතිශය අසීරු තරග ඉසවු රැසකින් සැදුම්ලත් තරගාවලියක් අවසානයේ දසුන් තාරක මේ ජයග්‍රහණය හිමි කරගෙන ඇත.

ඉංගිරිය මධ්‍යම සමූහ – ප්‍රියදර්ශනී කහවල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT