19න් පහළ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු යොවුන් කුසලානය ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (6) ඩුබායි බලා පිටත්ව යෑමට නියමිතය.
මේ මස 8 වැනිදා සිට 17 වැනිදා දක්වා කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ රාජකීය විදුහලේ සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙයි. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව ඇති ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයෝ 15 දෙනකු ඇතුළත්ව සිටිති.
මෙහිදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් සහ ජපානය ‘බී’ කාණ්ඩයෙන් තරග වදින අතර, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ නේපාලය ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරයි.
මේ 9 වැනිදා ජපානයට එරෙහිව තරගයෙන් තරගාවලිය ආරම්භ කරන ශ්‍රී ලංකා පිල මූලික වටයේදී 11 වැනිදා සත්කාරක එමීර් පිලට එරෙහිවත්, 13 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත් තරග වැදීමට නියමිතය.
අවසන් වරට 2021 වසරේ ඩුබායිහිදීම පැවති තරගාවලියේදී ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත් විය.
ශ්‍රී ලංකා 19න් පහළ යොවුන් සංචිතය – සිනෙත් ජයවර්ධන (නායක – කොළඹ රාජකීය), පුලිඳු පෙරේරා (මහනුවර ධර්මරාජ), විශේන් හැලඹගේ (කොළඹ සා. පීතර), රවිෂාන් ද සිල්වා (අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න), සාරුජන් ෂන්මුගනාදන් (කොටහේන සා. බෙනඩික්ට්), දිනුර කළුපහන (ගාල්ල මහින්ද), මල්ෂ තරුපති (උප නායක – ගාල්ල රිච්මන්ඩ්), විහස් තෙව්මික (තර්ස්ටන්), විශ්ව ළහිරු (පාණදුර ශ්‍රී සුමංගල), ගරුක සංකේත (වත්තල ලයිසියම්), දුවිඳු රණතුංග (කොළඹ මහනාම), හිරුන් කපුරුබණ්ඩාර (කොළඹ සා. ජෝසප්), රුසඳ ගමගේ (කොළඹ සා. පීතර), දිනුක තෙන්නකෝන් (ත්‍රිත්ව), රුවිෂාන් පෙරේරා (කොළඹ ආනන්ද).
අතිරේක – ජනිත් ප්‍රනාන්දු (වෙන්නප්පුව සා. ජෝසප් වාස්), සුපුන් වඩුගේ (ත්‍රිත්ව).
තරග කාලසටහන
දෙසැම්බර් 8: ඉන්දියාව – ඇෆ්ගනිස්තානය, පාකිස්තානය – නේපාලය
දෙසැම්බර් 9: බංග්ලාදේශය – එමීර්, ශ්‍රී ලංකාව – ජපානය
දෙසැම්බර් 10: ඉන්දියාව – පාකිස්තානය, නේපාලය – ඇෆ්ගනිස්තානය
දෙසැම්බර් 11: ශ්‍රී ලංකාව – එමීර්, බංග්ලාදේශය – ජපානය
දෙසැම්බර් 12: පාකිස්තානය – ඇෆ්ගනිස්තානය, නේපාලය – ඉන්දියාව
දෙසැම්බර් 13: ශ්‍රී ලංකාව – බංග්ලාදේශය, ජපානය – එමීර්
දෙසැම්බර් 15: අවසන් පූර්ව තරග
දෙසැම්බර් 17: අවසන් මහ තරගය
නිරෝෂාන් ප්‍රියංකර