Home » අමෙරිකාවේ විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්

අමෙරිකාවේ විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්

by chanaka
December 7, 2023 8:04 am 0 comment

අමෙරිකාවේ ලාස් වේගාස් හි නෙවාඩා විශ්ව විද්‍යාලයේදී තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම සිද්ධියේ දී අදාළ තුවක්කුකරු, පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අමෙරිකා වේලාවෙන් උදෑසන 11:45 ට පමණය.

සිසුන් කෑමට සහ ක්‍රීඩා කිරීමට ගොඩනැගිල්ලෙන් පිටත රැස්ව සිටි අවස්ථාවකදී වෙඩි තැබීම සිදුව ඇත.

වෙඩිතැපීම සිදු කළ තැනැත්තාගේ අරමුණ පිළිබඳ බලධාරීන් මෙතෙක් තොරතුරු හෙළි කර නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT