ලබන වසරේ මුල් කාර්තුවේදී විදුලි බිල අඩුවිය හැකි බවට අපේක්ෂාවක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා පිළිතුරු මෙසේය,
ප්‍රශ්නය – විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ.
පිළිතුර – අපි හැමෝම දන්නවා පසුගිය අවුරුද්දකට කලින් මේ රටේ මොකක්ද වුණේ කියලා. පැය 13 ක් විදුලිය කපා දැමූ රටක්. ඉන්ධනවල ගැටළුවක් තිබුණා. අත්‍යාවශ්‍ය බෙහෙත්වල ගැටළුවක් තිබුණා. දැන් ක්‍රමානුකූලව රට ස්ථාවර වෙමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා ජනවාරී, පෙබරවාරී මාසය වන විට විදුලි බිල අඩු කරන්න ලැබෙයි කියලා.
ප්‍රශ්නය – වැට් බද්ධ එකතු වෙනවද?
පිළිතුර – වැට් බද්ද එක්තු වෙනවා. හැබැයි තිබෙන තත්ත්වයට වඩා සහනයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.