553
මුලතිව් අයියන්කුලම ප්‍රදේශයේදී වයස අවුරුදු 15 ක සිය දියණියව දුෂණය කළ පියෙකු අයියන්කුලම පොලීසිය විසින් ඊයේ (06) අත් අඩංගුවට ගෙන තිබේ.
දියණිය දූෂණය කළ පියා සම්බන්ධයෙන් දියණිය ඇගේ මවට සිද්ධිය සැල කිරීම නිසා කෝපයට පත් ඔහු දියණියටද මවටද පහර දී නිවසින් පලා ගොස් තිබේ.
මේ පිළිබදව මව විසින් මුලතිව් අයියන්කුලම පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරුව අත් අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් දූෂණයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කොට තිබේ .
පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරුව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.