Monday, May 5, 2025
Home » ටිපර් රථයට ගෙල තබා අසනීප රියදුරු සියදිවි හානි කර ගනියි

ටිපර් රථයට ගෙල තබා අසනීප රියදුරු සියදිවි හානි කර ගනියි

by yasara
December 7, 2023 2:19 pm 0 comment

ගිරිඋල්ල , මත්තෙගම ප්‍රදේශයේ වයස අවුරුදු 66 ක පුද්ගලයකු තම නිවසේ තිබූ ටිපර් රථයේ පිටුපස කොටස ඔසවා පහත් වෙන්නට හැර ඒ අතරට ගෙල තබා අද උදේ (07  ) 9.30 ට පමණ සිය දිවි හානිකර ගෙන මිය ගොස් ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසයි .

එසේ මිය ගොස් ඇත්තේ රෝයල් ගාඩ්න් , මත්තෙගම බෝපිටිය ලිපිනයේ පදිංචි එච් . ඒ . ගුණවර්ධන නමැති දෙදරු පියෙකි.

නිවසේ ගෙමිදුලෙහි නවතා තිබූ ඔහුගේ පුතුට අයත් ටිපර් රථයේ පිටුපස කොටස එන්ජිම පණ ගන්වා ක්‍රියාත්මක කර එය එසවී පහත් වෙන අතරට ගෙල තබා සිය දිවි හානි කරගෙන තිබේ.

වෘත්තියෙන් රියදුරකු ලෙස සේවය කළ මොහු කලක පටන් අංශ භාග රෝගය වැළදී ඊට ප්‍රතිකාර ලබමින් සිටි අර්ධ වශයෙන් සුවය ලැබූ අයකු බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT