ශ්රී ලංකා නාවික හමුදාව නොරොච්චෝල, සේතපොල ප්රදේශයේ අද (07) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් එක් දහස් දෙසිය අසූහයක (1286) පමණ තොගයක් ප්රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එහිදී එම කැබ්රථය තුල උර 41 ක අසුරා ප්රවාහනය කිරීමට උත්සාහ කල නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් එක් දහස් දෙසිය අසූහයක (1286) පමණ තොගය සොයා ගෙන ඇත
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ක් සහ 28 ක් වන පුත්තලම ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙයි.
සැකකරුවන් දෙදෙනා (02) සහ කැබ් රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝල පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.