Home » මුහුණු‌පොතෙන් හමූ වූ පෙම්වතා නිසා දුෂණය වූ දැරිය සියදිවි නසා ගනියි

මුහුණු‌පොතෙන් හමූ වූ පෙම්වතා නිසා දුෂණය වූ දැරිය සියදිවි නසා ගනියි

by yasara
December 7, 2023 4:12 pm 0 comment

මුහුණු පොතෙන් හදුනාගත් ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා හමුවු ප්‍රථම දිනයේදීම පතිවත බිදීයෑම නිසා සිත් තැවුලට පත් පාසල් සිසුවියක සියදිවි නසාගැනීමේ පුවතක් බදුල්ලෙන් වාර්තාවෙයි

බදුල්ල ධර්මරාජ මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන වේවැල්හින්න,රිල්පොල පදිංචි ඩබ්ලිව්.එම් නෙතු සාරංගි සිසුවිය ඖෂධ වැඩිපුර පානය කිරී‍‍‍මෙන් සියදිවි නසාගෙන ති‍බෙන බව පොලිසිය කියයි.

අම්මා ඔයාට මං ගොඩාක් ආදරෙයි,මං නිසා මොකුත් කරගන්න එපා,අමිමා පරිස්සමෙන් ඉන්න මට ඔයා ‍හොද අමිමා ‍‍‍කෙනෙක්.අමිමාට ‍හොද දු‍‍වෙක් වෙන්න මට බැරි වුනා,මට සමා‍වෙන්න රත්තරන්” බායි අමිමා,යනු‍වෙන් ජංගම දුරකතනයට වට්ඇප් පරණිවිඩයක් යවා ඖෂධ පානය කිරී‍‍‍මෙන් සියදිවි නසාගත් සිසුවියකගේ අවසන් කටයුතු ඊයේ 06 සවස සිදුවිය

පසුගිය 03 පුද්ගලික පංතියකට ගිය සිසුවිය මුහුණු පොතෙන් හදුනාගත් තම පෙම්වතා සමග ත්‍රිවිලරයකින් බදුල්ල සරුංගල් කන්දට ගොස් ‍පෙම් සුව විදිමින් සිටියදි තරුණයා ඇයව දුෂණයට ලක්කර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලින් තහවුරුකර‍ගෙන තිබේ.

පලමු පෙම්වතා අතින් දුෂණයට ලක්වු සිසුවිය සවස නිවසට පැමිණ ඇගේ මිත්තණිය අධි රුධිපීඩනයට ගන්නා ඖෂධ වැඩිපුර පානය කිරීමෙන් පසු ඇති වු රෝගි තත්වයක් මත බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ගනිමින් සිටියදි ඇය පසුගිය වනදා 05  මිය ගිය බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්දයෙන් ඇගේ පෙම්වතා වන බදුල්ල සොරණාතොට පදිංචි23 හැවිරිදි තරුණයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

මියගිය සිසුවිය‍ගේ මව මිතිලා උදයකාන්ති වනසිංහ මෙසේ පැවසීය

මගේ එකම දරුවා තමයි මියගොස් සිටින්නේ දරුවා‍ගේ තාත්තා පොඩි කාලේදීම දාලා ගියා,මට දරුවා හදාගන්න ආර්ථික ශක්තියක් නැති නිසා මම සයිප්‍රස් රටේ රැකියාවකට ගිහින් අවුරුද්දයි මම එහේ ඉද්දී තමයි  දුව වට්ඇප් පරණිවිඩයක් එවුවේ මම ඒ වෙලාවේම නංගිලාට කීවා එයාලා ගෙදරට යද්දී පෙති බීලා අසනීප ‍වෙලා ඉදලා ති‍යෙනවා,මම ඒ මොහොතේම ලංකාවට ආවා.ගෙදර දුව ඉන්නේ මගේ අම්මා එක්ක අමිමා බොන බේ‍හෙත් තමයි බීලා තියෙන්නේ,වෙන කිසිම දෙයක් මම දන්නේ නෑ

මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල ශික්ෂණ රෝහලේදි පවත්වා ඇය දුෂණයට ලක්ව සිටින බවට වාර්තාවක් ‍ඉදිරිපත් කර තිබෙන බව පොලිය කියයි

බදුල්ල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම් රත්නායක මහතා ඇතුළු නිළධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT